නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය සැප්. 30න් අවසන් වේ

    සැප්තැම්බර් 23, 2014

    2014 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනයට අදාළ  හිමිකම් හා විරෝධතා කාල සීමාව 2014 සැප්තැම්බර් 30න් අවසන් වන අතර, 2014 ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිය සඳහා සුදුසුකම් සම්පූර්ණ කර ඇතත් මේ දක්වා ඡන්ද හිමියන් ලෙස ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය සඳහා ගණන් ගෙන නොමැති අයට ඒ සඳහා වූ හිමිකම් අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ඉදිරිපත් කිරීමට 2014 දින දක්වා අවස්ථාව ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කළේය.

     

    සියලුම මැතිවරණ කොට්ඨාසවලට අදාළ 2014 ඡන්ද හිමි නාමලේඛනයේ කෙටුම්පත මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළකර ඇති අතර www.selections.gov.lk නමැති එම වෙබ් අඩවියට පිවිස “ඡන්ද හිමි නාමලේඛනය - කෙටුම්පත 2014“ නැමැති අයිකනය මත තෙරපා, ඔබ ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචියට අදාළ දිස්ත්‍රික්කය තෝරා, ඉන්පසු ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් පසුව, ඔබ 2014 ඡන්ද හිමි නාම ලේඛනයේ පදිංචි ව ඇතොත්, ඔබට අදාළ ඡන්ද ප්‍රදේශය, පළාත් පාලන ආයතනය හා සම්පූර්ණ නම තිරය මත දර්ශනය වේ.

     


    එසේම ඡන්ද හිමි නාමලේඛනය සහ එයින් ඉවත්වන නම් (‘අ‘ ලැයිස්තුව) හා ඊට අලුතින් එකතුවන නම් (‘ආ‘ ලැයිස්තුව) සඳහන් ලේඛනවල පිටපත් සියලුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, පළාත් පාලන ආයතනවල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ද ප්‍රදර්ශනයට තබා ඇති අතර, එම ස්ථානවලදී ද, නාමලේඛන පරීක්ෂා කළ හැකිය.

     

     

    2014 වර්ෂය සඳහා ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කරගැනීමට ලැබෙන අවසන් අවස්ථාව මෙය බැවින් ඔබගේ නම 2014 ඡන්ද හිමි නාමලේඛනයේ කෙටුම්පතට ඇතුළත් ව නැතිනම් වහා ම ඔබ පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ සහකාර ලියාපදිංචි කිරීමේ නිලධරයා වෙත සැප්තැම්බර් 30වන දිනට පෙර ඒ බව දැන්වීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya