නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුවේ ස්වභාවික ආපදාවලින් විපතට පත් අයට දෙකෝටියක ආධාර මුදල්

    සැප්තැම්බර් 24, 2014

    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ 2013 හා 2014 වර්ෂවල ස්වභාවික ආපදා හේතුවෙන් පූර්ණ හා අර්ධ වශයෙන් හානියට පත් නිවාස වෙනුවෙන් ආධාර සැපයීමේ අවස්ථාවක් ඊයේ (23) පෙරවරුවේ පොලොන්නරුව ධවල මන්දිරයේදී සිදු කෙරිණි.


    සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ අවස්ථාවේදී රුපියල් දෙකෝටි තිස්ලක්ෂයක වටිනාකමින් යුත් චෙක්පත් හානියට පත් නිවාස හිමියන් 369 දෙනෙකු වෙත බෙදා දීමට කටයුතු කෙරිණි. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ආපදා සහන සේවා මධ්‍යස්ථානය මඟින් අදාළ ප්‍රතිපාදන සපයා දී තිබුණි.

    මේ අවස්ථාවට පොලොන්නරුන දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි, අතිරේක ලේකම් පබාශීලී ජයලත්, ප්‍රධාන පරිපාලන නිලධාරී තිස්ස දයාරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එක් ව සිටියහ.

    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya