මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - බංග්ලාදේශ් ද්විපාර්ශවික වෙළෙඳාමේ 67%ක වර්ධනයක්

    සැප්තැම්බර් 23, 2014

    ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ක්‍රියාත්මක වෙළෙඳාම පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවේ දෙවන සැසි වාරය ඊයේ (22) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී ආරම්භ කෙරිණි.


    දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර වෙළෙඳාමේ වර්ධනය සඳහා ගත හැකි ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳ ව දීර්ඝ ලෙස සාකච්ජා කරනු ඇත. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ජා කිරීමට බලාපොරොත්තු වේ.


    ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතීතයේ සිට ම සංස්කෘතික, කෘෂිකාර්මික, නාවික, ආර්ථික, වෙළෙඳ හා කර්මාන්ත යන අංශ ගණනාවක් ඔස්සේ සම්බන්ධතා පවත්වයි. විශේෂයෙන් ම පසුගිය වසර 5ක කාලයක් තුළ දෙරට අතර වෙළෙඳාම ශීඝ්‍ර ලෙස වර්ධනය වූ අතර 2011 වර්ෂයට සාපේක්ෂව 2013 දී ශ්‍රී ලංකාව බංග්ලාදේශයට සිදු කළ අපනයන 45%කින් වර්ධනය වූ අතර බංග්ලාදේශයෙන් සිදු කළ ආනයනවල වර්ධනය 115%කි. එසේම 2012 වර්ෂයට වඩා 2013 දී ශ්‍රී ලංකා - බංග්ලාදේශ ද්විපාර්ශවික වෙළෙඳාම 67% ක ඉතා ඉහළ අගයක් හිමි කරගෙන ඇත.

    මේ වන විට ශ්‍රී ලංකාවේ සිට කපු, ජීවිතාරක්ෂක කබා, අත් වැසුම්, රෙදිපිළි, සාදික්කා, එනසාල්, ඇඟලුම් කර්මාන්තයේදී යොදා ගන්නා ලේබල් හා ලාංඡන, ප්ලාස්ටික්, කඩදාසි වැනි ද්‍රව්‍ය බංග්ලාදේශයට අපනයනය කරන අතර බංග්ලාදේශයේ සිට ඇඟලුම්, කපු, ස්වාභාවික රබර්, සනීපාරක්ෂක කඩදාසි, යකඩ වැනි දෑ ආනයනය කරයි.

    ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය දකුණු ආසියානු නිදහස් වෙළෙඳ ගිවිසුම (SAFTA), ආසියානු පැසිෆික් වෙළෙඳ ගිවිසුම (APTA), හා බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ ව බෙංගාල බොක්ක ආශ්‍රීත රටවල නිදහස් වෙළෙඳ ගිවිසුම (BIMST – EC)හි සාමාජිකයන් වේ.

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් අනුර සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සැසිවාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යක්ෂ ජනරාල් (වාණිජ) ආර්.ඩී.එස්. කුමාරරත්න මහතා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු රැසක් ද බංග්ලාදේශය නියෝජනය කරමින් එහි වාණිජ අමාත්‍යාංශ අතිරේක ලේකම් මොනෝජ් කුමාර් රෝයි (Mr.Monoj Kumar Roy) ද ශ්‍රී ලංකා බංග්ලාදේශ වැඩබලන මහ කොමසාරිස්   එෆ්.එම්. බොර්හාන් උඩ්ඩීන් (Mr.Borhan Uddin) මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya