මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝකයේ රටවල් සියල්ල රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට උත්සාහ ගනිද්දී ශ්‍රී ලංකා රජය රාජ්‍ය සේවාව ශක්තිමත් කළා

    සැප්තැම්බර් 22, 2014

    කළුතර දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරීන් 3985කට යතුරුපැදි ලබා දෙමින් ඇමති බැසිල් කියයි


    නවසීලන්තයෙන් ආරම්භ ව ලෝකයේ අනෙකුත් රටවල් විසින් ද ආර්ථික ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන තිබූ රාජ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාවලිය ලොව පුරා ක්‍රියාත්මක වෙද්දී වත්මන් ශ්‍රී ලංකා රජය, රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමට කටයුතු කළ බවත් ඉන් නොනැවතී පාඩු ලබමින් තිබූ පෞද්ගලික ආයතන ද රජයට පවරා ගනිමින් ඒවා ලාභ ලබන තත්ත්වයට දියුණු කළ බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.


    වත්මන් රජය බලයට පත්වීමට පෙර පැවති රජයන් සියල්ලක් ම විසින් ජාත්‍යන්තර මූල්‍ය සංවිධානය, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමග එක් ව රාජ්‍ය සේවය සංඛ්‍යාත්මක ව කප්පාදු කිරීමට ගිවිසගෙන සිටි බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එම ක්‍රියාව වෙනස් කළ බවත් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.


    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (22) කලුතර දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරීන් 3985කට යතුරුපැදි ලබාදීම සඳහා කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවති උත්සවයක් අමතමිනි.


    “අපේ රජය ශ්‍රී ලංකාව භාර ගනිද්දි ඉතා ම දුර්වල ආර්ථිකයක් තිබුණේ. එක පැත්තකින් භූමිය අඩුවෙලා අනෙක් පැත්තෙන් විශාල ගැටුමක් තිබුණා. ඒ වාගේ ම වෙළෙඳ ශේෂය අඩුවෙලායි තිබුණෙ. එ පමණක් නො වෙයි විදේශ මුදල් තැන්පත් ප්‍රමාණය සතියකට දෙකකට පිරිමහගන්නවත් බැරි ව තිබුණේ. ආර්ථික වර්ධනය අඩුවෙලා තිබුණු යුගයක් ඒක. ඉතින් ඒ වගේ රටක් භාර ගන්න ජනාධිපතිවරයෙකුට ජාත්‍යන්තර මූල්‍ය සංවිධානත් සමග කතා කරලා මේ ප්‍රතිපත්ති වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ කිසි කෙනෙක්. නමුත් ජනාධිපතිතුමා මහින්ද චින්තන ප්‍රතිපත්තිය ඉදිරිපත් කරලා බලයට පත්වුණාට පස්සේ මේ ආයතන ගෙන්වලා ඒ ප්‍රතිපත්ති කීපයක් වෙනස් කළා. අපේ රටේ වගේ ම අනෙකුත් රටවල්වලත් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරලයි තිබුණේ. විදුලිය නිෂ්පාදනය, සම්ප්‍රේෂණය, රක්ෂණ ක්‍රම, ප්‍රවාහන වගේ සියලු ම අංශයන් පෞද්ගලීකරණය කරන්න පියවර අරගෙනයි තිබුණේ. නමුත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ හැම දෙයක් ම අනෙක් පැත්ත හැරෙව්වා. ජාත්‍යන්තර සංවිධානයත්, ලෝක බැංකුවත්, ආසියානු සංවර්ධන බැංකුවත් මේ දේ පිළිගෙන රාජ්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා ණය ලබාදෙනවා. දැන් අපේ රට ආදර්ශයට ගනිමින් වෙන රටවලුත් රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබෙනවා.“ යැයිද අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.‍


    රාජ්‍ය සේවාව ආරක්ෂා කිරීමට පමණක් නො ව රාජ්‍ය අංශය පුළුල් කිරීමටත්, නැති වූ අයිතිවාසිකම් ලබා දෙන්නටත්, නව අයිතිවාසිකම් ලබා දීමටත් ජනාධිපතිවරයා කටයුතු කළා පමණක් නො ව මුළු මූල්‍ය ප්‍රතිපත්තිය ම ඒ පැත්තට යොමු කළා යැයි ද අමාත්‍යවරයා මේ අවස්ථාවේ දී කියා සිටියේය. මෙම යතුරු පැදි ලබාදීමෙන් සංකේතවත් කරන්නේ ජනාධිපතිවරයා ජනතාව කෙරෙහි දක්වන සංවේදීභාවය ඒ වගේ ම එතුමා රාජ්‍ය නිලධාරීන් කෙරහි දක්වන ආකල්පය සහ මුඵ මහත් රාජ්‍ය ප්‍රතිපත්තිය ගමන් කරන දිශාවත් පෙන්නුම් කිරීමක් බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.


    මෙම අවස්ථාවට මහින්ද සමරසිංහ, රෝහිත අබේගුණවර්ධන, රෙජිනෝල්ඩ් කුරේ, විදුර වික්‍රමනායක, ජානක බණ්ඩාර යන මැතිඇමතිවරුන් ඇතුළු මහජන නියෝජිත පිරිසක් ද කළුතර දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු විශාල පිරිසක්ද එක් ව සිටියහ.


    HC/KT

     

    Hand over the Motor bike for Government Officers  Kalutara 1

     

    Hand over the Motor bike for Government Officers  Kalutara 2

     

    Hand over the Motor bike for Government Officers  Kalutara 3

     

    Hand over the Motor bike for Government Officers  Kalutara 4

     

    Hand over the Motor bike for Government Officers  Kalutara 5

     

    Hand over the Motor bike for Government Officers  Kalutara 6

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya