මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට මධ්‍යම ආරක්ෂක සේනාවෙන් සහන

    සැප්තැම්බර් 22, 2014

    මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය හා පෞද්ගලික දානපතියන් එක් ව නියඟයෙන් පීඩාවට පත් වැල්ලවාය, සිරිපුරගම, මඩුල්ල, බඩල්කුඹුර, සියඹලාණ්ඩුව, මිනිපේ, රිදීමාලියද්ද, මීගහකිවුල, මැදගම, බිබිල, මොනරාගල, තණමල්විල යන ප්‍රදේශයන්හි පදිංචි වැසියන් සඳහා පානීය ජලය සහ වියළි ආහාර මළු බෙදාදීමක් පසුගියදා සිදු කෙරිණ.


    ඒ අනුව වැල්ලවාය සිරිපුර ග්‍රාමසේවා කොට්ඨාසයේ  නියඟයෙන් පීඩාවට පත් පවුල් 300ක් සඳහා එස්.ටී.ඒ.ඩී. සිකියුරිටි ඉන්වෙස්ටිගේෂන් පුද්ගලික ආයතනයේ සභාපතිගේ අනුග්‍රහයෙන් රුපියල් ලක්ෂ 04ක් වටිනා වියළි ආහාර, ජල බෝතල්,  රස කැවිලි වර්ග සහ එළවළු ආදිය බෙදා දී ඇත. 

    මේ අතරතුර මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන සෙබළුන් විසින් යුද හමුදා බවුසර් මඟින් ග්‍රාම සේවා වසම් 50ක පවුල් 5992ක් සඳහා ජල ලීටර් ලක්ෂ 1.5ක් බෙදා දෙන ලදී.    

    රිදීමාලියද්ද සහ මීගහකිවුල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාමසේවා වසම් 14ක පවුල් 1159ක් සඳහා යුද හමුදා බවුසර් මඟින් පානීය ජලය බෙදා දීම මෙන් ම 121 බලසේනාව යටතේ ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09ක පවුල් 121,530ක් සඳහා පානීය ජලය බෙදා දීම ද මේ අවස්ථාවේ සිදු කෙරිණි.


    මෙම සියලුම වැඩසටහන්  මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මනෝ පෙ‍රේරාගේ අධීක්ෂණය යටතේ යුද හමුදාවට සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් ජල බවුසර් 200ක් පමණ යොදා ගෙන සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.

    NDH/army media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya