මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික තරුණ සේවා සභාවෙන් මත් ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

    සැප්තැම්බර් 22, 2014

    ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන ලද මත් ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. 


    Healthy Lanka රාජ්‍ය නොවන ආයතනය මෙම වැඩසටහන සඳහා දායකත්වය දැක්වීය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 75කට ආසන්න පිරිසක් මේ සඳහා සහභාගී වී සිටියහ. 

     

    ජාතික මට්ටමේ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ යෞවන සමාජ, යොවුන් පාර්ලිමේන්තු නියෝජිතයන්, වෘත්තීය පුහුණු ආයතනයන් හි ඉගෙනුම ලබන තරුණ තරුණියෝ රැසක් සහභාගී වී සිටියහ. 


    මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය වළක්වාලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග, ඒ පිළිබඳ ව දැනුවත් කළ යුතු නිලධාරීන් කවරේද?, මතට ඇබ්බැහි වූවන් මුදවා ගැනීම සහ ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර කවරේද? යන්න පිළිබඳ ව මෙහි දී මූලික වශයෙන් දැනුවත් කිරීම සිදු විය. එමෙන් ම එම තරුණ තරුණියන් මඟින් ග්‍රාමීය සමාජය දැනුවත් කිරීම මෙහි මූලික අරමුණයි. වතු ප්‍රජාව ආශ්‍රිත ව මත් පැන් භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් වතුකරය ආශ්‍රිත ව ජීවත්වන තරුණ තරුණියන්ගේ දායකත්වය මෙහි දී විශේෂ අවධානයට ලක් විය. වයස අවුරුදු 15 -29ත් අතර වයස් ප්‍රමාණයෙන් යුත් තරුණ තරුණියන් රැසකගේ දායකත්වය මේ වැඩසටහන සඳහා හිමි වූ අතර දමිළ තරුණ තරුණියෝ රැසක් ද මේ අතර වූහ. 


    මේ අවස්ථාව සඳහා නුවරඑළිය ජාතික තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්ෂ ජයසිරි තෙන්නකෝන් මහතා ද සහභාගී වී සිටියේය.


    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya