මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිලිනොච්චි සෙබළුන් ඉදිකරනු ලබන නව පෙරපාසල් ගොඩනැගිල්ල

    සැප්තැම්බර් 22, 2014

    කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වන 57 වන සේනාංකයට අයත් 571 බලසේනාවේ ඉංජිනේරු සෙබළුන්, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ මගපෙන්වීම මත මලයාලම් පුරම් කෝවිල ආසන්නයේ ඉදිකරන ලද පෙරපාසලේ ඉදිකිරීම් කටයුතු පසුගියදා ආරම්භ කෙරිණි.


    මෙම ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමට මුල්‍ය දායකත්වය සපයන්නේ මලයාලම් පුරම් ව්‍යාපාරිකයෙකු වන එස්.කේ. නදීශන් මහතා විසිනි.  කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වන 571 වන සේනාංකය සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සෙබළුන් විසින් සති කිහිපයක් තුළ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා සිය ශ්‍රම දායකත්වය ලබා දෙනු ඇත.



    සුබ මොහොතින් මෙම ව්‍යාපෘතියේ මුල්ගල තැබීමේ අවස්ථාවට මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, නියෝජ්‍ය දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රබාලන් යන මහත්වරු හා 57 වන සේනාංකයේ සේනාංකාධිපතිවරයා එක්ව සිටියහ. 


    NDH/army media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya