මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාතහේවාහැටට ජලය දෙන්න වැව් හතරක් ප්‍රතිසංස්කරණය කරයි

    සැප්තැම්බර් 22, 2014

    නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ ජීවන තත්ත්වය නංවාලීම සඳහා යෝජිත කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළ යටතේ මහනුවර දිස්ත්‍රික්‍කය සඳහා රුපියල් ලක්ෂ 100ක මුදලක් වෙන් කොට තිබේ. 


    මෙම වැඩපිළිවෙළ යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ නියඟයෙන් වැඩි ම පිරිසක් පීඩාවට පත් ව සිටින පාතහේවාහැට කොට්ඨාසයේ වගා බිම්වලට ජලය සපයන කුඩා වැව් 04ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන ඇත. මෙම වැව්වල රොන්මඩ ඉවත් කිරීම හා වැව්වල සොරොව්ව සකස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 85ක මුදලක් වෙන් කොට තිබේ. මේ යටතේ පාතහේවාහැට කොට්ඨාසයේ වගා බිම්වලට සෙත සලසන දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මාඋස්සාව, බෝගමුව, අට්ටමලේ, කරුම්මලේ යන වැව් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.

     

    මෙම වැව් මඟින් අක්කර 4,000කට අධික පෝෂක ප්‍රදේශයක් ආවරණය වන අතර පවුල්  2,800කට අධික ප්‍රමාණයකට සෙත සැලසේ.  මිනිපේ ප්‍රාදෙශීය ලේකම් කොට්ඨාසයේ උල්පතගම ඇල්දම් පෝරුව වැව ද මෙම වැඩපිළිවෙළ යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන ඇති අතර ඒ සඳහා වෙන් කර ඇති මුදල් රුපියල් ලක්ෂ 15කි. 



    මාවුස්සාව, බෝගමුව, අට්ටමලේ හා කරුම්මලේ යන වැව්වල ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම පළාත් සභාවේ සභාපති  මහින්ද අබේකෝන් හා මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න යන මහත්වරුන් අතින් පසුගිය සිකුරාදා  ආරම්භ කෙරෙණි. 


    මෙම අවස්ථාවන්ට පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් මධුපානි පියසේන මහත්මිය ඇතුළු නිලධාරීන් හා ගම්වාසීහු රැසක් සහභාගී වූහ. 



    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya