මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ධන මිල අඩු කළ ජනාධිපතිතුමාට ධීවර ජනතාව වෙනුවෙන් ස්තුතියි

    සැප්තැම්බර් 22, 2014

    ධීවර ජනතාවට ඉතා වැදගත් වන භූමිතෙල් හා ඩීසල් ඇතුළු ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට සමස්ත ධීවර ජනතාව වෙනුවෙන් ම තමන් ස්තූතිය පුදකරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා සඳහන් කරන පරිදි ඉන්ධන මිල වැඩි කිරීම නිසා මෙරට ධීවර ජනතාව දැඩි අසීරුවට පත් වුණා. මේ පිළිබඳ ව අවධානය යොමුකළ ජනාධිපතිතුමා, ධීවර ජනතාවට ඉන්ධන සහනාධාරය ලබාදීමට අවශ්‍ය පියවර ගත්තා. ඒ අනුව ධීවර අමාත්‍යාංශය මඟින් මෙරට ධීවර ජනතාව වෙනුවෙන් භූමිතෙල් හා ඩීසල් ඉන්ධන සඳහා සහනාධාරයක් ලබා දුන්නා. මෙම සහනාධාරය සඳහා රජය මසකට රුපියල් මිලියන 350ක් පමණ වැය කළා. මෙම සහනාධාරය අපි පුරා වසරක් ලබා දුන්නා. නමුත් නොයෙකුත් අක‍්‍රමිකතා හා දුෂණයන් නිසා මෙම ඉන්ධන සහනාධාරය නවත්වා ඒ වෙනුවට ධීවරයාගේ වෘත්තිය සංවර්ධනයට විකල්ප සහනාධාර ක‍්‍රමයක් ආරම්භ කිරීමට සිදු වුණා. 

    මෙම විකල්ප සහනාධාර ක‍්‍රමය යටතේ ධීවර ජනතාවගේ අවශ්‍යතාවලට අනුව ධීවර යාත‍්‍රාව නවීකරණය කරන්නට, ධීවර ආම්පන්න ගැනීමට, යාත‍්‍රාවට අවශ්‍ය නවීන අංගෝපාංග සකස් කිරීමට අවශ්‍ය සහනාධාර ලබාදෙමින් ඒවා බෙදාදීම පසුගියදා කළුතර දිස්ත‍්‍රික්කයේ ආරම්භ කළා. නමුත් ධීවර ජනතාව මුල සිට ම ඉල්ලා සිටියේ සහනාධාර නොවෙයි ඉන්ධන මිල අඩුකර දෙන ලෙසයි. මේ පිළිබඳ ව ජනාධිපතිතුමාව දැනුවත් කිරීමෙන් පසු ව එතුමා සැප්තැම්බර් මාසය වන විට ඉන්ධන මිල අඩුකර ධීවර ජනතාව ඇතුළු අනෙකුත් සියලු ම ජනතාවට සහයක් ලබාදෙන බවට පොරොන්දු වුණා.

     

    ජනාධිපතිතුමා වුණු පොරොන්දුව ඒ ආකාරයට ම ඉටුකරමින් පසුගියදා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 20කිනුත්, ඩීසල් ලීටරයක මිල රුපියල් 3කිනුත් අඩු කරනු ලැබුවා. ඒ වගේ ම විදුලි බිලත් සියයට 25කින් අඩු කරනු ලැබුවා. මේ නිසා දැන් අපේ ධීවර ජනතාවට ඉන්ධන සහනාධාර ලබාදීමට අවශ්‍ය වන්නේ නැහැ. සමස්ත ධීවර ප‍්‍රජාව වෙනුවෙන් ම අතිගරු ජනාධිපතිතුමාට ස්තුතිය පුද කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya