මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොරපේ ඓතිහාසික කතරගම දේවාලයේ ඇසළ පෙරහැර 24 සිට

    සැප්තැම්බර් 22, 2014

    කොත්මලේ, මොරපේ ඓතිහාසික ශී‍්‍ර කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මෙම  මස (24) වන දින සිට ලබන ඔක්තෝබර් 09 වැනි දින දක්වා වීථි සංචාරය කෙරෙන බව කොත්මලේ මොරපේ ඓතිහාසික ශී‍්‍ර කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත්  එස්.කේ.එස්.බී. රත්නායක මහතා පවසයි.


    මේ මස 24 වන බදාදා දින රාතී‍්‍ර 7.00ට යෙදෙන සුභ මොහොතින් නැගෙනහිර දිශාව බලා ඇතුල් පෙරහර වීථී සංචාරය කිරීමෙන් පෙරහර ආරම්භ කෙරෙන අතර, ඇතුල් පෙරහර මේ මස 28 වන දින දක්වා දිනපතා වීථී සංචාරය කෙරේ.

    මේ මස 29 වන දින සිට ඔක්තෝබර් මස 03 වන දින දක්වා කුඹල් පෙරහර වීථි සංචාරය කෙරේ.

    රන්දෝලි පෙරහර ඔක්තෝබර් මස 04 වන දින වීථි සංචාරය ආරම්භ කෙරෙන අතර, අවසන් මහා රන්දෝලි පෙරහැර ඔක්තෝබර් මස 08 වන දින වීථි සංචාරය කෙරේ.

    ගිනි පෑගීමේ උත්සවය, දිය කැපීමේ පෙරහර හා දහවල් පෙරහර ඔක්තෝබර් මස 09 වන දින සිදුකෙරේ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya