මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආදිවාසී කෞතුකාගාරය ආදිවාසී ජන උරුම කෞතුකාගාරය නමින් ප්‍රතිසංස්කරණයට

    සැප්තැම්බර් 22, 2014


    දඹාන ආදිවාසී කෞතුකාගාරය ආදිවාසී ජන උරුම කෞතුකාගාරය නමින් ප්‍රතිසංස්කරණය කිරීමට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.


    ශීඝ්‍රයෙන් වෙනස් වන සමාජ තත්ත්වයන් සමඟ ආදිවාසී ජන කොටස් ද වෙනස්කම්වලට භාජනය වන බැවින් ඔවුන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම, ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම හා ඔවුන් පිළිබඳ පර්යේෂණ කිරීමට අවස්ථාව සලසා දීම ආදී අරමුණු මුල්කොට ගෙන කෞතුකාගාර පිහිටුවීම ලෝක ආදිවාසී ජනයා ජීවත්වන බොහෝ රටවල දක්නට ලැබෙන ප්‍රවණතාවකි.


    මේ වන විට විවිධ හේතූන් නිසා ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාව සීමිත බිම්කඩකට කොටු වී සිටිති. ඔවුන්ගේ සාම්ප්‍රදායික යැපීම් ක්‍රම, ජීවන රටාව, සංස්කෘතික අංග, සමාජ තත්ත්වයද ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතී. මෙම තත්ත්වයෙන් ලංකාවේ ආදිවාසී ජන කොටස් ආරක්ෂා කර ගැනීම, ඔවුන්ගේ ආවේණික ලක්ෂණ රැක ගනිමින් එය ජීවන මාර්ගයක් ලෙස සකස්කර ගැනීමට ඉඩ සලසා එමගින් ඔවුන්ගේ ජීවන මට්ටම නංවාලීම සහ නරඹන්නන්ට දැනුම හා ආශ්වාදය ලබාදීම, මෙරට ආදිවාසීන් පිළිබඳ අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබාදීමේ අරමුණ ඇති ව ජන උරුම කේන්ද්‍රයට නව අරුතක් ලබාදීමට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය මගින් ජන උරුම කෞතුකාගාරය නවීකරණය කිරීමට පියවර ගෙන ඇත.


    මෙම කෞතුකාගාරය මැඳිරි හතකින් සමන්විත වේ. ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුග මානවයාගේ සිට අද දක්වා මානව ක්‍රියාකාරකම්, පරිණාමය වූ ආකාරය, ඔවුන්ගේ විශ්වාස, ඇදහිලි, ජීවන රටාව, වාසස්ථාන හා ඇඳුම් පැලඳුම්, ආහාර සොයාගත් ආකාරය, ආයුධ තාක්ෂණය, මියගිය වැදි නායක තිසාහාමිගේ ජීවන තොරතුරු ඇතුළත් වෙනම මැඳිරියක් ද සමගින් මෙම මැඳිරි ඉදිකිරීමට නියමිත වේ.
     පියවර කිහිපයකින් සැකසීමට සැලසුම් කර ඇති මෙය මෙම වසරේ මුදල් ප්‍රතිපාදනවලින් අඩක් නිම කිරීමටත්, 2015 වසරේ සමස්ත කෞතුකාගාරය ම නිම කිරීමටත් සැලසුම් කර ඇත.‍ 


     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya