මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් සිසුන් අතර පලතුරු පරිභෝජනය වැඩි කිරීමට පියවර

    සැප්තැම්බර් 20, 2014


    කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක් ව පාසල් සිසුන් පාදක කර ගනිමින් පලතුරු පරිභෝජනය වැඩි කිරීමට ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.



    මෙහි නියමු ව්‍යාපෘතියක් ලෙස මේ වන විට මහනුවර පාසල් කිහිපයක ම මෙම කටයුත්ත සාර්ථකව පවත්වා ගෙන යන අතර, ඉදිරි කාලය තුළ මෙම ව්‍යාපෘතියට දායකවන මෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සියලු ම පාසල්වල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දැනුවත් කර ඇත.


    පලතුරු සැපයීමට සුදුසුකම් ලබන අය පාසල විසින් තෝරා ගත යුතු අතර, එහිලා කොන්දේසි කිහිපයකි. ඒ අනුව විවිධ පලතුරු වර්ග 04ක කැබලි අඩංගු පියන සහිත ප්ලාස්ටික් බඳුනක් (පැක් එකක්, ග්‍රෑම් 150) රුපියල් 25.00ටත්, පලතුරු බීම (සීනි නොදමා) මි.ලි. 200ක් රුපියල් 20.00ටත් සැපයිය හැකි බව පෙන්වා දෙයි.


    එසේම මේ සඳහා කලාප අධ්‍යාපන කාර්යාලයෙන් අනුමැතිය ලබාගත යුතු අතර, මෙයට අමතර ව අලෙවි කුටියක්, ජලය සහ අලෙවි කුටියේ ගාස්තුව සඳහා පළමුව ගිවිසුමකට එළඹිය යුතු බවද එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.


    දැනටමත් මේ සඳහා පලතුරු සපයන්නන් ලෙස පුද්ගලයින් ගණනාවක් ලේඛනගත වී ඇති අතර, ඔවුන්ගේ නම් ලිපිනයන් සහ දූරකතන අංක ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පලතුරු සංවර්ධන මධ්‍යස්ථානයෙන් ලබාගත හැකි වේ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya