මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සිප් ප්‍රතිභා 2014" ප්‍රදර්ශනය 22

    සැප්තැම්බර් 20, 2014
    බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ සංකල්පයක් මත බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන කෙටිකාලීන සහ පූර්ණකාලීන පුහුණු පාඨමාලාවන් හදාරනු ලබන පුහුණුලාභීන්ගේ නව නිර්මාණ එළි දැක්වීම සහ ඔවුන්ගේ හැකියාවට රැකියාවක් සොයා දීමේ අරමුණින් පැවැත්වෙන සිප් ප්‍රතිභා 2014 ප්‍රදර්ශනය මේ මස 22 වන දින පෙ.ව.10.00ට ජාතික කලා භවනේදී ආරම්භ වේ.
     
    මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස බස්නාහිර පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සුළු වාරිමාර්ග, කර්මාන්ත, පරිසර, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රමුඛ මැති ඇමතිවරුන් රැසක් සහභාගී වීමට නියමිත වේ.
     
    ප්‍රදර්ශනය මේ මස 24 දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා පැවැත්වීමට නියමිත වේ.
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya