සියලුම ප‍්‍රධාන අපනයන කාණ්ඩයන් මෙම අපනයන ආදායමේ වර්ධනයට දායකත්වය සැපයූ අතර විශාලතම දායකත්වය කාර්මික අපනයනයන්ගෙන් ලැබී ඇත. කාලීන උච්චාවචනයන්ට අනුව වෙනස් වන ඉල්ලුම පිළිබිඹු කරමින් රෙදිපිළි හා ඇඟළුම් අපනයන ආදායම විශාල ලෙස වර්ධනය වූ අතර, රබර් ටයර් විශාල ලෙස අපනයනය කිරීම හේතුවෙන් රබර් නිෂ්පාදිත අපනයන ආදායම ද වර්ධනය විය. එසේ වුවද, ප‍්‍රධානත ම ඛනිජ තෙල් නිෂ්පාධිතය වන නැව් හා ගුවන් යානා ඉන්ධන අපනයන ආදායම අඩු වූ අතර මිල ගණන් ඉහළ ගිය ද අපනයන පරිමාව අඩු වීම මේ සඳහා හේතු විය. ඉන්දියාව සහ සිංගප්පූරුව වැනි ප‍්‍රධාන කලාපීය තරගකරුවන්ගෙන් මෙම ක්ෂේත‍්‍රයට පවතින විශාල තරගකාරීත්වය මෙමගින් අර්ධ වශයෙන් පිළිබිඹු කෙරේ. තවද 2014 ජූලි මාසයේ මැණික් සහ දියමන්ති අපනයන ආදායම අඩු වූ අතර ස්වර්ණාභරණ අපනයන ආදායම වර්ධනය විය.
ප‍්‍රධාන වශයෙන් පොල් සහ තේ අපනයනයේ වැඩි දියුණු වූ ක‍්‍රියාකාරීත්වය හේතුවෙන් කෘෂි කාර්මික අපනයන ආදායම වර්ධනය විය. පොල් අපනයන ආදායමේ වර්ධනය සඳහා පොල් මද නිෂ්පාද අපනයනයේ වර්ධනය හේතු වී ඇත. මේ අතර, අපනයන පරිමාව අඩු වුවද අපනයන සඳහා සතුටුදායක මිලක් පැවතීම හේතුවෙන් තේ අපනයන ආදායම යහපත් වර්ධනයක් වාර්තා කරන ලදී. මුහුදු ආහාර සහ සුළු කෘෂි කාර්මික බෝග අපනයන ආදායම ද කෘෂි කාර්මික නිෂ්පාදිත අපනයන ආදායමේ වර්ධනය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන ලදී. එසේ වුවද, ප‍්‍රධාන වශයෙන් අයහපත් කාලගුණික තත්ත්වය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි රබර් මිල අඛණ්ඩව අඩු වීම හේතුවෙන් 2014 ජූලි මාසයේ රබර් අපනයන ආදායම අඩු වූ අතර ප‍්‍රධාන වශයෙන් නිෂ්පාදනය අඩු වීම හේතුවෙන් කුළු බඩු අපනයන ආදායම ද අඩු විය.
DB