මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුවේ දරු දැරියන්ට රුසියාවේ කසාන් සරසවියේ ඩිප්ලෝමා සහ උපාධි

    සැප්තැම්බර් 19, 2014
    සබරගමු පළාතේ උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය අපේක්ෂිත පාසල් හැරගිය 
    තරුණ තරුණියන් සඳහා සබරගමු පළාත් සභාව හා රුසියාවේ කසාන් සරසවිය ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.
     
    කලක් පාසල් අධ්‍යාපනයට අදාළ ව පසුබෑමට ලක්ව තිබූ සබරගමු පළාත මේ වන විට දිවයිනේ උසස් පෙළ විභාග ප්‍රතිඵලවලින් දිවයිනේ සියලු පළාත් අභිබවා පළමු තැනට 
    පත්ව සිටී.
     
    එසේ උසස් පෙළ සමතුන්ගේ ප්‍රතිශතය දිවයිනේ සියලු පළාත් අභිබවා ඉහළ නැගීමත් සමඟ මෙරට විශ්වවිද්‍යාලවල පවත්නා දැඩි තදබදය හමුවේ සබරගමුවේ උසස් පෙළ සමතුන් බහුතරයකට මෙරට සරසවිවලට ඇතුළත් වීමේ ඉඩකඩ නොලැබේ.
     
    මීට විසදුමක් වශයෙන් සබරගමු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා රුසියාවේ කීර්තිමත් උසස්   අධ්‍යාපන ආයතනයක් වූ Institute of Economic Management & Law සරසවිය සමඟ පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලය වශයෙන් සබරගමුව පළාතේ උසස් පෙළ මෙන්ම සාමාන්‍ය පෙළ සමතුන්ට එම විශ්විද්‍යාලය හරහා දුරස්ථ හෝ නේවාසිකව ඩිප්ලෝමා ප්‍රථම උපාධි මෙන්ම දර්ශනපති උපාධිය දක්වා හැදෑරීමට ඉඩකඩ ලබාදීමට එම සරසවි බලධාරීන් එකගත්වය පළ කර ඇත.
     
    ඊයේ (18) දිවයිනට පැමිණි Institute of Economics, Management & Law හි Liliya V. VORONTSOVA, Vanyukhina Nadezhda, Dr.Olga V. Grigoreva යන මහත්මීහු සබරගමු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා හමුවූ අවස්ථාවේ ඔවුන් ඒ බව සඳහන් කළහ.
     
    සබරගමුව ප්‍රධාන අමාත්‍යවරයා හමුවූ එම පිරිස පසුව රත්නපුර නව නගරයේ සෙන්චූරියා ශාලාවේ පැවති සිසුන් දැනුවත් කිරීමේ වැඩමුළුවකට ද එක්වූහ.
     
    මෙහිදී එම නියෝජිත පිරිස සඳහන් කළේ දිවයිනේ සෙසු පළාත්වලට සාපේක්ෂව  උසස් අධ්‍යාපනයට නැඹුරුවීමේ වැඩිම ප්‍රවණතාවය සහ විභවය ඇති පළාත ලෙස සබරගමු පළාත හඳුනා ගැනීමෙන් පසු තම සරසවියේ අධ්‍යාපනය හැදෑරීම සඳහා සබරගමුවේ තරුණ තරුණියන්ට ශිෂ්‍යත්ව මෙන්ම සහන ගාස්තු යටතේ උසස් අධ්‍යාපනය ලබාදීමට තම සරසවිය තීරණය කර ඇති බවය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya