මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකන් කළමනාකාරිත්වය සහ ගුවන් නියමු සංසඳය නව ගිවිසුමකට අත්සන් තබයි

    සැප්තැම්බර් 20, 2014

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිත්වය සහ ශ්‍රී ලංකා ගුවන් නියමු සංසදය අතර 2017 සැප්තැම්බර් තෙක් බලපවත්වන පරිදි වන ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය.


    ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රවණතාවන් සැලකිල්ලට ගනිමින් හා සේවක කාර්යක්ෂමතාව දියුණු කිරීම මෙහි අරමුණක් විය. තවද ආයතනයේ ව්‍යාපාරික සැලසුම් වෙත වැඩි දායකත්වයක් අන්‍යොන්‍ය අවබෝධයකින් යුතු ව ලබා ගැනීම  පිළිබඳව ද මෙහිදී වැඩි වශයෙන් අවධාරණය කරන ලදී.


    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කළමනාකාරීත්වය පෙන්වා දෙන්නේ  ආයතන ප්‍රගතිය කරා යොමු වෙමින් පවතින මේ අසීරූ අවස්ථාවේ නව වගකීම් හඳුනාගෙන කළමනාකාරීත්වය සමඟ අත්වැල් බැඳගත් ගුවන් නියමු සංසදයේ සභාපති කපිතාන් චමින්ද ද සොයිසා මහතා හා කාරක සභිකයින්ගේ දක්ෂතා අගය කරන බවයි.

    එසේ ම මෙම නව සම්බන්ධතාව ආදර්ශමත් එකඟතාවක් ලෙස කළමනාකාරීත්වය සලකන අතර සාර්ථක ඉදිරි ගමනක මුල් පියවර ලෙසින් අනෙකුත් සේවක කණ්ඩායම් විසින් ද මෙය අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. “එක් ව වැඩ කර එක් ව ජය ගනිමු” යන ගුවන් සමාගමේ 2014 වසරේ තේමාව  සාක්ෂාත් කර ගැනීමට මෙයින් තවදුරටත් හැකි වන බව ගුවන් සමාගම පෙන්වා දෙයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya