මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැදවච්චිය ජනතාවගේ සෞඛ්‍ය නැංවීමට රුපියල් ලක්ෂ 100ක්

    සැප්තැම්බර් 19, 2014

    මැදවච්චිය මැතිවරණ බල ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය කටයුතු ඉහළ නැංවීම සඳහා රජය මගින් රුපියල් ලක්ෂ සියයක මුදලක් ලබා දී ඇතැයි ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.


    මේ අනුව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන “දොරින් දොරට - ගමින් ගමට ඉසුරුමත් නිවහනක් අසිරිමත් මව්බිමක්” වැඩසටහන යටතේ අදාළ ප්‍රතිපාදන මැදවච්චිය ආසනයේ පදවිය, කැබිගොල්ලෑව, රඹෑව සහ මැදවච්චිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය වන ලෙස ලබා දී ඇති බවද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.


    එම සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 20ක වියදමින් ඉදිකෙරෙන රඹෑව, ඉකිරිගොල්ලෑව නව මාතෘ හා ළමා සායන මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීම නිමිත්තෙන් පසුගියදා පැවති උත්සවයේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කළේය. 


    මෙම නව සායන මධ්‍යස්ථානය ඉදිකිරීම නිසා ප්‍රදේශයේ පවුල් හයසියයකට පමණ සෙත සැලසෙයි.


    එහි දී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා, “ අද මුල්ගල තැබූ මෙම සායන මධ්‍යස්ථානය මාස තුනකින් සාදා නිම කළ යුතුයි. මීට පෙර කිලෝමීටර හයක් පමණ දුර ගෙවා තම දරුවන් සමඟ සායන කටයුතුවලට රඹෑව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගිය මව්වරුන්ට මේ අනුව විශාල සහනයක් ලැබෙනවා.


    ඒ වගේ ම මහින්ද රාජපක්ෂ ජනාධිපතුමන්ගේ රජය කවදත් ජාති, ආගම්, දේශපාලන ‍භේද නොතකා සංවර්ධන කටයුතු සිදුකරනවා. ජනාධිපතිතුමන්ගේ ආශිර්වාදයෙන් මැදවච්චිය ආසනයේ සංවර්ධන කටයුතු ඉහළ නැංවීමට රුපියල් ලක්ෂ 4770ක් ලබා දී තිබෙනවා. එයින් ලක්ෂ 220ක් අධ්‍යාපනයටත්, ලක්ෂ 886ක් ජීවන උපාය සඳහාත් වෙන්කර දී තිබෙනවා.


    එදා අති දුෂ්කර යැයි හැඳින් වූ මැදවච්චිය, කැබි‍තිගොල්ලෑව, පදවිය වැනි ප්‍රදේශවල අද ඉතිහාසයේ නොවූ දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා. අවාසනාවට මේ සංවර්ධනය දකින්න විපක්ෂය බුද්ධිමත් නැහැ”.


    රඹෑව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න තෙන්නකෝන්, උපසභාපති රනිල් මාධව, රඹෑව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සාගර දීප්ති කුමාර යන මහත්වරු ඇතුළු ඉකිරිගොල්ලෑව ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මේ අවස්ථාවට පැමිණ සිටියහ.



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya