මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් වගා හානි වූ ගොවීන්ට බිත්තර වී

    සැප්තැම්බර් 19, 2014
    නියඟයෙන් වගා හානි වූ ගොවීන්ට ඉදිරි කන්නයේ වගා කටයුතු සඳහා බිත්තර වී ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇත.


    මෙම වර්ෂයේ ආරම්භයේ සිට පැවති දරුණු නියං තත්ත්වය නිසා බොහෝ ප්‍රදේශවල කෘෂිකාර්මික වගාවන් විනාශයට පත් වී ඇත. මේ නිසා විශේෂයෙන්ම වී වගා කරන ගොවීන්ට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වී තිබේ. වර්ෂාව ලැබීමත් සමඟ නැවත වගාවන් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට බිත්තර වී සපයා ගැනීමට නොහැකි වීම ප්‍රධාන ගැටලුවක් බවට පත්වී ඇත. එම නිසා අවශ්‍ය බිත්තර වී ප්‍රමාණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මිලදී ගෙන වටිනාකම ගොවීන්ගේ නිෂ්පාදන ලැබුණු පසු අයකර ගැනීමේ බලාපොරොත්තුවෙන් ගොවීන් අතර බෙදා දීමට කෘෂිකර්ම අමාත්‍යාශය සැලසුම් කර තිබේ.

     

    මීට අදාළ යෝජනාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කැබිනට් අනුමැතිය යොමු කරන ලද අතර ඒ සඳහා අනුමැතිය හිමි වී ඇත.

     

    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya