අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව එක් ව අන්තර් රාජ්‍ය කොමිසමක්

    සැප්තැම්බර් 19, 2014

    ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව එක් ව වෙළෙඳ, ආර්ථික, විද්‍යාත්මක හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ අන්තර් රාජ්‍ය කොමිසමක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.


    ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සහයෝගීතාව පසුගිය වසර කිහිපය තුළ දැඩි වර්ධනයකට පාත්‍ර වී ඇත. 2001දී ඇ.ඩො. මිලියන 11.6ක් ව පැවති රුසියාව සඳහා ශ්‍රී ලංකාවේ අපනයනය 2013 වසරේදී ඇ.ඩො. මිලියන 279.91 දක්වා වර්ධනය වී ඇත. එම කාල සීමාව තුළ දී ශ්‍රී ලංකාව විසින් රුසියාවෙන් කරන ලද අපනයන ඇ.ඩො. මිලියන 3.7 සිට ඇ.ඩො. මිලියන 145.85 දක්වා වර්ධනය වී තිබේ.

     

    එම නිසා දෙරට අතර වෙළෙඳ, ආර්ථික, විද්‍යාත්මක හා තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ අන්තර් රාජ්‍ය කොමිසමක් ස්ථාපිත කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.



    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya