මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාම්පූර් ගල්අඟුරු බලාගාරය ඉදිකළ පසු විදුලි බිල තවදුරටත් අඩු කිරීමට හැකි වෙනවා

    සැප්තැම්බර් 18, 2014
    මේ වන විට විවෘත කර ඇති නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයට අමතරව සාම්පූර් ගල්අඟුරු බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ද අවසන් වූ පසු දැනට අඩු කර ඇති විදුලිබිල තවදුරටත් අඩු කිරීමට හැකි වනු ඇතැයි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

     

    සාම්පූර් බලාගාරය ඉදිකිරීමත් සමඟ වත්මන් රජය විසින් ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 1800ක පමණ ධාරිතාවක් විදුලිය ජනනය කර ලබාදී ඇත. ගල්අඟුරු බලාගාර මඟින් විදුලිය ඒකකයක් නිපදවීමේදී අඩු පිරිවැයක් වැය වන නිසා මෙසේ විදුලි බිලට සහන ලබාදීමට හැකියාවක් ලැබුණු බව ද ඔහු පෙන්වා දුන්නේය.

     

    පැවැති රජයන් පෞද්ගලික ආයතනවලින් විදුලිය විශාල මුදලට ලබා ගැනීමට ගිවිසුම් පවත්වා ගෙන ගිය අතර එම ගිවිසුම් මේ වන විට අවසන් වෙමින් පවතින බවත් එහි ප්‍රතිලාභ ජනතාවට නුදුරේදී ම ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයෙන් විදුලි ඒකකයක් නිපදවීම සඳහා රුපියල් 7.20ක් වැනි අඩු පිරිවැයක් වැයවන නිසා විදුලිබිලට සහන ලබාදීමට හැකි වූ බවද කී අමාත්‍යවරයා මෙම බලාගාරයේ පළමු අදියර විවෘත කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබා දුන් පොරො‍න්දුවට අනුව එහි අවසන් අදියර ජනතා අයිතියට පත් කරන ලද දිනයේ ම විදුලි බිල අඩු කිරීමට පියවර ගත් බව ද සඳහන් කළේය. මැතිවරණ බලාගෙන කිසිදු ලෙස විදුලි බිල අඩු කිරීමක් සිදු නොකළ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

     

    ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya