මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තර්ස්ටන් ක්‍රිකට් නායකයාට ක්‍රීඩා උපකරණ

    සැප්තැම්බර් 18, 2014
    ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ වයස අවුරුදු 15න් පහළ 
    ක්‍රිකට් කණ්ඩායමේ නායක නිපුන් ලක්ෂාන් ශිෂ්‍යයාගේ ක්‍රීඩා කෞශල්‍යය වර්ධනය 
    කරගැනීම සඳහා ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු 
    පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම අමාත්‍යාංශයේදී 
    සිදුකෙරිණ. 
     
    අමාත්‍යාවරයාගේ උපදෙස් පරිදි පංචායුද පදනම විසින් මේ සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වීය.
    අංක 895 / ඒ පහළවෙල පාර, තලංගම දකුණ ලිපිනයේ පදිංචි නිපුන් ලක්ෂාන් දරුවන් 
    දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාය. නිපුන් ලක්ෂාන්ගේ පියාට ස්ථීර රැකියාවක් 
    නොමැති අතර මව ගෘහණියකි. කුඩා කල පටන් ක්‍රිකට් ක්‍රීඩාවට ඇළුම් කළ නිපුන් 
    රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ වයස අවුරුදු 13න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය 
    කරමින් සිය ක්‍රීඩා දිවියේ මූලික අඩිතාලම සකස් කරගනු ලැබීය. එහිදී දැක් වූ දක්ෂතා මත 
    කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඇතුළත් ව එහි වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම 
    නියෝජනය කිරීමට ද නිපුන් ලක්ෂාන් සමත් විය. ඔහු මේ වන විට තර්ස්ටන් විද්‍යාලයේ 
    10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. 
     
    ඊට අමතරව වයස අවුරුදු 15න් පහළ ජාතික පාසල් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ 
    නිපුන් ලක්ෂාන් මේ වන විට කොළඹ දිස්ත්‍රික් පාසල් උතුරු කලාපයේ 2 වන ක්‍රිකට් 
    කණ්ඩායමේ නායකයා වශයෙන් ද කටයුතු කරයි. 
     
    ආර්ථික අපහසුතාවන් මධ්‍යයේ වුවද ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන නිපුන් ලක්ෂාන් 
    ජීවත්වන නිවස අලුත්වැඩියා කරගැනීම සඳහා විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් මීට 
    පෙර රුපියල් ලක්ෂ 2ක නිවාස මූල්‍යාධාරයක් ද ප්‍රදානය කරනු ලැබීය.
     
    ක්‍රීඩා භාණ්ඩ ලබාගැනීමෙන් පසු මෙහිදී අදහස් දැක්වූ නිපුන් ලක්ෂාන් ශිෂ්‍යයා කියා 
    සිටියේ ආර්ථික අපහසුතාවන්ට මුහුණදෙමින් තමන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවනු ලබන 
    බවත් අනාගාතයේ දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම සිය 
    බලාපොරොත්තුව වන බවත්ය. ඒ සඳහා විමල් වීරවංශ අමාත්‍යවරයා සිදු කළා වූ මෙම 
    උපකාරය සිය ක්‍රීඩා දිවියට විශාල ශක්තියක් වන බවද ඔහු පැවසුවේය.
     
    මෙම අවස්ථාවට නිපුන් ලක්ෂාන් ශිෂ්‍යයාගේ පියා වන එම්.ඩී. කිත්සිරි මහතා ද සහභාගී 
    විය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya