මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනගාරික ධර්මපාල අනුස්මරණ කෞතුකාගාරයේ වැඩ ඇරඹේ

    සැප්තැම්බර් 18, 2014

    අනගාරික ධර්මපාලතුමා නමින් අනුස්මරණ කෞතුකාගාරයක් ආරම්භ කිරීමට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

     

    මරදාන, මාලිගාකන්දේ ආනන්ද බාලිකා විද්‍යාලය පිහිටි භූමියේ දැනට ඇති අනගාරික ධර්මපාලතුමා අවසන් කාලයේ වාසය කළ නිවස සහ ඒ මහතා විසින් ආරම්භ කළ ප්‍රථම සිංහල බෞද්ධ පාසලේ පළමු පංති කාමරය අදත් ඒ ලෙසින් ම පවතී.


    එම නිවස ඉපැරණි ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණවලට අනුව ප්‍රතිසංස්කරණය කොට සංරක්ෂණය කිරීමත්, දැනට එහි ඇති ධර්මපාලතුමාගේ කෞතුකාගාරය ප්‍රතිනිර්මාණය කිරීමටත් කෞතුකාගාර දෙපාර්තමේන්තුව සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය මගින් මූලික කටයුතු සැලසුම් කරමින් පවතින බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය පවසයි.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya