මැයි 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනජය ජයරත්න පදනමින් සමාජ සත්කාර වැඩසටහන් ගම්පොළට

    සැප්තැම්බර් 18, 2014

    මධ්‍යම පළාත් සභා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නීතිඥ අනුරාධ ජයරත්න මහතා පළාත් සභාවට පත් ව වසරක් පිරීම නිමිත්තෙන් ජනජය ජයරත්න පදනම සංවිධාන කරන සමාජ සත්කාර වැඩසටහන් රැසක් ගම්පොළ මැතිවරණ ආසනයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම 21 දින පැවැත්වේ.


    වර්ෂ පූර්ණ සැමරුම නිමිත්තෙන් 21වන දින පෙරවරු 09.00 සිට වෛද්‍ය සායනයක් පුපුරැස්ස කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන අතර, ඒ සඳහා ප්‍රදේශවාසීන් දෙදහසකට අධික පිරිසකට ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ පහසුකම් සලසා තිබේ. 


    මේ අතර අඩු ආදායම්ලාභී පවුල් දෙකකට නව නිවාස දෙකක් ඉදිකර දීමේ කටයුතු ද එදින ආරම්භ වන අතර, ඊට සමගාමී ව ගම්පොළ ආසනයේ තෝරා ගත් විහාරස්ථාන සඳහා ටයිල් කැට ප්‍රදානය කිරීම එම විහාරස්ථානවලදී සිදු කෙරේ.


    ගම්පොළ ආසනයේ වනිතා වෘත්තීන් දිරි ගැන්වීමේ අරමුණින් එදින ප.ව.12.30ට වෘත්තීය පුහුණු වැඩමුළුවක් ගම්පොළ ජාතික උරුමය මධ්‍යස්ථානයේදී සිදු කෙරන අතර, ඊට සමගාමී ව අනුරාධ ජයරත්න මහතාගේ නිල වෙබ් අඩවිය එළිදැක්වීමට ද නියමිතය. 


    එදින පස්වරු 02.00ට ඩෙල්ටා, මෙල්ෆර්ඩ් හා සොගමා යන වතුවලදී වතුකරයේ අඩු ආදායම් ලාභී පවුල්වල දරු දැරියන් සඳහා පාසල් උපකරණ බෙදාදීම ඇතුළු ළමා සංවර්ධන වැඩසටහනක් ද පැවැත්වේ.



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya