මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "කොළඹ ළමයි - 2014" අද

    සැප්තැම්බර් 20, 2014
    "කොළඹ ළමයි - 2014" ළමා සිතුවම් නිර්මාණ තරගාවලියේ අවසන් වටය අද (20) පෙ.ව. 9.00ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාදේවි උද්‍යාන පරිශ්‍රයේ දී පැවැත්වේ.
     
    කොළඹ නගරයේ අඩු පහසුකම් ජනාවාසයන්හි ජීවත්වන දරු දැරියන් 20,000 කගෙන් තෝරාගත් දරු දැරියන් 5000කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සිතුවම් දැක්ම ඔක්තෝබර් 01 වන දිනට යෙදෙන ලෝක ළමා දිනය හා ඔක්තෝබර් 06 වෙනිදාට යෙදෙන ලෝක ජනාවාස දිනයට සමගාමී ව පැවැත්වේ.
     
    කොළඹ අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන දරුවන්ගේ කලා හැකියාවන් එළිදැක්වීම සඳහා 2011 වසරේ සිට මෙම වැඩසටහන නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන්නේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදිය.
     
    කොළඹ නගරයේ ජීවත්වන නාගරික අඩු පහසුකම් ප්‍රජාවගේ සමාජීය ආර්ථික හා සංස්කෘතික ප්‍රවර්ධනය උදෙසා "මහින්ද චින්තන ඉදිරි දැක්ම" අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය හා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක "ජන සෙවණ" ස්වශක්ති මානව සංවර්ධන වැඩසටහන සමඟ මේ වන විට කොළඹ අඩු පහසුකම් ජනාවාසවල පවුල් හතළිස් දහසකට ආසන්නසංඛ්‍යාවක් සම්බන්ධ වී සිටිති.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya