මැයි 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2014 නිකුත් වේ

    සැප්තැම්බර් 18, 2014

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2014 ප්‍රකාශනයේ 37 වෙනි වෙළුම නිකුත් කොට ඇත. පහසුවෙන් ගෙන යා හැකි අයුරින් සකස් කොට ඇති මේ ප්‍රකාශනයෙහි සංඛ්‍යා සටහන් 87ක් හා රූප සටහන් 12ක් අඩංගුව තිබේ. 


    ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික තත්ත්වය, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, යටිතල පහසුකම් , මිල හා වැටුප්, විදේශ වෙළෙඳාම සහ සංචාරක කර්මාන්තය, විදේශීය මූල්‍ය, රාජ්‍ය මූල්‍ය කටයුතු හා මූල්‍ය අංශයන්හි නවතම දත්ත මෙහි ඇතුළත් වේ. දකුණු ආසියා කලාපීය රටවල සහ අග්නිදිග ආසියා කලාපීය රටවල සමාජ, ආර්ථික විචල්‍යයන් පිළිබඳ වූ දත්තයන් ද සංසන්දනාත්මකව මෙහි ඉදිරිපත් කර ඇත.

     

    කාලීන වැදගත්කමකින් යුතු පුළුල් පරාසයක් ආවරණය වන සමාජ, ආර්ථික දත්ත මෙම ප්‍රකාශනයේ සාරාංශ කර ඇති බැවින් එය ප්‍රතිපත්ති සම්පාදකයන්ට, පර්යේෂකයන්ට ශාස්ත්‍රලාභීන්ට, වෘත්තිකයන්ට, සිසුන්ට හා සාමාන්‍ය ජනතාවට ඉතා ප්‍රයෝජනවත් වේ.

     

    මේ ප්‍රකාශනයේ සිංහල, දෙමළ පිටපතක මිල රුපියල් 40.00ක් වන අතර ඉංග්‍රීසි පිටපතක මිල රුපියල් 100.00ක් වේ. මේ ප්‍රකාශනය කොළඹ 01, චැතම් වීදියේ  The Central Point ගොඩනැගිල්ලේ පිහිටි මහ බැංකුවේ විකුණුම් හා බෙදාහැරීම් කවුළුව, රාජගිරියේ ශ්‍රී ජයවර්ධනපුර මාවතේ අංක 58හි පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු විදු පියසේ අලෙවි කවුළුව හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර, මාතලේ, අනුරාධපුර, ත්‍රිකුණාමලය සහ යාපනයේ පිහිටි පළාත් කාර්යාලවලින් හෝ දිවයිනේ ප්‍රධාන පොත්හල්වලින් හෝ මිලදී ගත හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya