මැයි 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 ළමා නාට්‍ය උළෙල අදත් - හෙට අනිද්දා නොපැවැත්වේ

    සැප්තැම්බර් 18, 2014
    (දෙවන යාවත්කාලීන කිරීම) 2014 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සිව්වැනි දිනය වන අද (18) සිංහල නාට්‍ය දෙකක්, ඉංග්‍රීසි හා දමිළ ළමා නාට්‍ය එක බැගින් පස්වරු 5.00ට කොළඹ 07, නව නගර ශාලාවේදී වේදිකාගත කෙරේ. 
     
    ඒ අනුව අද (18) මීගමුව ශාන්ත ජෝසප් විද්‍යාලයේ "අලුත් රබාන", යාපනය තොන්ඩමනාරු වීර කත්තිපිලෛයි මහා විද්‍යාලයේ "නරිමේලම්", කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලයේ "ද රේන්බෝ ෆ්ලවර්", තුෂාර ජාගොඩ හා අජන්ත රාජකරුණාගේ "චන්ඩිත් එක්ක රවුමක් යං" ළමා වේදිකා නාට්‍ය සතර වේදිකාගත වේ.
     
    ඊයේ 17 වැල්ලවත්ත, ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමයේ "අලුත් කරත්තේ", මඩුකෝවිල් සින්නපන්ඩ්‍රි විරිච්චාන් විද්‍යාලයේ "කට්රිරු පාඩම් කන්දිරු ඉන්බම්", කොළඹ, මියුසියස් විද්‍යාලයේ "මැජික් බොක්ස්", එම්.ඩී.ඩී. නිල්මිණි, කේ. දසනායකගේ "අපි දිනුවෝ" ළමා නාට්‍ය සතර වේදිකාගත කෙරුණි.
     
    සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ළමා නාට්‍ය එක ම වේදිකාවේ දී පැවැත්වෙන මෙම ළමා නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා භාෂා තුනෙන් ම සීමිත අංශයෙන් ළමා නාට්‍ය 30ක් හා විවෘත අංශයේ නාට්‍ය ළමා නාට්‍ය 18ක් තේරාගෙන ඇත.
     
    සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක් ව 2014 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සංවිධාන කරනු ලබයි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya