මැයි 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්, පළාත් සභාවක් ඌවට තිබුණා

    සැප්තැම්බර් 17, 2014

    එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්, පළාත් සභාවක් ඌවට තිබුණ බවත් ඒ කාලේ මොනවා ද කළේ යැයි ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා ප්‍රශ්න කරයි. 


    අමාත්‍යතුමා මේ අදහස් පළ කළේ පොදුජන එක්සත් පෙරමුණ ඌව පළාත් සභා මැතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් බදුල්ල කටුපිහිල්ල ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි. 

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පවසයි. "රූපවාහිනියට සවන් දුන්නොත් විවේචන රාශියක් එල්ල කරනවා. අද දේශපාලනය අමුතුයි. නමුත් ඒ විවේචන කිසිදු තාර්කික ඒවා නො වේ. හුදු ප‍්‍රසිද්ධිය සඳහා හෝ බලය ලබාගැනීම සඳහා ඉලක්ක කර ඉදිරිපත් කරන ඒවායි. එක්සත් ජාතික පක්ෂය ගත්තොත් බදුල්ල ගැන කියන කතා අරන් බලන්න. බදුල්ල හදන්නලු ඒ ගොල්ලො ඉන්නේ. අපි අහන්න කැමතියි බදුල්ලේ මොනවද හදන්න තියෙන්නේ කියලා. ජනාධිපතිතුමා ඇතුළු මේ ආණ්ඩුව, රජය කෝටි ගණන් සල්ලි වියදම් කර බදුල්ලට අවශ්‍ය සියලුම දේ ලබා දී තිබෙනවා.

    ඉංග‍්‍රීසි ආණ්ඩුව ඌව වෙල්ලස්ස පැවති සශ‍්‍රීකත්වය විනාශ කරමින් විශාල සූරා කෑමකට ලක් කළා. දේශීය ඉඩම් අත්පත් කර ගැනීමට කටයුතු කළා. ශ‍්‍රී ලාංකිකයන් ඌවෙන් පන්නා දැමූ නිසා මේ පළාත දුගී දුප්පත්කමේ අන්තයට වැටුණා. මේ පළාතේ කොස් ගහ ඇරෙන්න වෙන පිහිටක් තිබුණෙ නෑ. ඉංග‍්‍රීසීන් කොස් ගස ද විනාශ කළා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් සහ පළාත් සභාවක් තිබුණත් ඌවට වැඩක් කළේ නැහැ. කලින් හිටි පර්සි සමරවීර මහ ඇමතිතුමා ඌවට කළ දේ එක්සත් ජාතික පක්ෂය මතක් නොකරන අතර අද ඒ ගැන කතා කරන්නේත් නැහැ. අද එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් නොතිබූ ආකාරයට කතා කරනවා. 

    මෙවරත් සිදුවන්නේ කොළඹ පොලිකාරයන්ගෙන් ගෙනා වාහන ටික හරීනුත් අරන් ආපහු කොළඹ යන එකයි. ඒ නිසා පුස්ස බින්දා වගේ බොරු කරලා, බොරුවෙන් අහිංසක මිනිස්සුන්ගේ ජීවිතය වෙනස් කරන්න යන මේ ගමන නවත්වන්න දැන් අපිට කාලේ ඇවිත්. මේ ආණ්ඩුව යුද්දේ අවසන් කරලා තව අවුරුදු පහයි. නැත්නම් හයයි. ඒ වගේ පුංචි කාලයක් ඇතුළත මහා වැඩක් කරලා තියෙනවා. දැන් අද ජනතා විමුක්ති පෙරමුණ මොකද්ද කතා කරන්නේ?. ජනතා විමුක්ති පෙරමුණට තියෙන්නේ විවේචනය විතරයි. ඒ ගොල්ලො කවදාවත් වැඩක් කරලා නැහැ. මතක තියා ගන්න අනුර කුමාර දිසානායකලා, සමන්ත විද්‍යාරත්නලා, මම ඉන්න කැබිනට් මණ්ඩලයෙත් වාඩි වෙලා තියෙනවා. අවුරුදු දෙකක්. අද කතා කරන්නේ මුකුත් නොදන්න තොත්ත බබාලා වගේ. අපි එක්ක ඡන්ද කරලා, ජයග‍්‍රහණය කරලා, පාර්ලිමේන්තු ආවා. ඒ අය මේ රටට වැඩ කරන්න ආණ්ඩුවකට එකතු වුණා. අද කතා කරන්නේ ඒ අය ආණ්ඩුවක හිටියේ නෑ වගේ. මේ කරලා තියෙන සේරම වැරදි ඒ අය මොනවත් නොකරපු හන්දායි. අනිත් අය කරපු සේරම වැරදියි. මොනවත් ම නොකරපු මිනිහෙක් අනිත් අය කරපු දේ හරියි කියන්නේ කොහොමද? ඒ නිසා අද නැති කතාවක් අරගෙන විවේචන කරනවා.

    අතිගරු ජනාධිපතිතුමා බලයට පත් වුණාට පස්සේ, කිසි ම කෙනෙකුට පහුගිය අවුරුදු පහ ඇතුළත එක බාර් ලයිෂන් එකක්වත් දීලා නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා ඒ බාර් ලයිෂන් දීපු කාලෙත් මේ අය ආණ්ඩුවේ හිටියා. එදා වචනයක්වත් කතා කළේ නැහැ. ඒ නිසා මේ සාමාන්‍ය මිනිස්සු මුලා කරන්න, සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිත නැති කරන්න, සාමාන්‍ය මිනිස්සුන්ට තමුන්ගේ ජීවිතය පිළිබඳ අස්ථාවරත්වයක් ඇති කරන්න මේ අය ක‍්‍රියා කරන්න හදන අවස්ථාවක තමයි, මේ පළාත් සභා මැතිවරණය පවත්වන්නේ.

    මේ බදුල්ල අංග සම්පූර්ණ තත්ත්වයට ගෙනාවේ අතිගරු ජනාධිපතිතුමාගේ පාලන කාලේ කියන එක අපි කවදත් සිහිකරන්න ඕනෑ. වැරදි දේට සවන් නො දී බදුල්ල දිස්ත‍්‍රික්කය එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉහළින් ජයග‍්‍රහණය කරන්න ජනතාව සැදී පැහැදී ඉන්නවා" යැයි අමාත්‍යතුමා අවධාරණය කළේය. 

    වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් හේරත් සහ බදුල්ල නගර සභා නියෝජිතයන් සහ බදුල්ල ප‍්‍රාදේශීය සභා නියෝජිතයන් සහ ප‍්‍රදේශවාසීහු මේ අවස්ථාවට සහභාගී වූහ. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya