නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොනරාගල යටිතල පහසුකම් නංවන්න රජයෙන් රුපියල් ලක්‍ෂ තිස් දහසක්

    සැප්තැම්බර් 13, 2014

    මේ වසරේ පමණක් මොනරාගල යටිතල පහසුකම් නංවන්න රජය රුපියල් ලක්‍ෂ තිස් දහසක් (30000) දී තිබෙනවා. අද මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කරන කොට දන්නවා ආණ්ඩුව දිනනවා කියා. මොනරාගල කියන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජයග‍්‍රහණය කරවන දිස්ත‍්‍රික්කයක්. ජනතාවට අද මහින්ද චින්තනය ආගමක් වාගේ වෙලා තිබෙනවා යැයි උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පවසයි.


    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන්  මහතා මේ බව ප‍්‍රකාශ කළේ මොනරාගල, මඩුල්ල, කොල්ලදෙණියේ දී පැවැති ජන හමුවක් අමතමිනි.

     
    ඌවට අපිට සටනක් නෑ. එ.ජා.ප.ය හැමදාම කියන කතාව මේ මැතිවරණයෙත් කියනවා. මේ මැතිවරණය තමයි වෙනසක් කරන මැතිවරණය කියලා. එ.ජා.ප.ය හැම මැතිවරණයක දී කිව්වත් එ.ජා.ප.යට අද නායකත්වයක් නෑ. උදේ රනිල් සවසට වෙන නායකයෙක්. නායකත්වය පොර කන්නේ යැයි සමරකෝන් මහතා පැවසීය.


    මේ හමුවේදි අදහස් දැක්වු ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කියා සිටියේ ”හම්බන්තොට වරාය හදන්න එ.ජා.ප.යත් උත්සහ කළා. එහි වෙනස තියෙන්නේ ඔවුන්ට කර ගන්න බැරිවුණු එකයි”.
     

    මෙහිදී අදහස් දැක්වූ  කම්කරු හා කම්කරු සබඳතා නියෝජ්‍ය අමාත්‍ය රියද් අද්මිරල් සරත් වීරසේකර මහතා - මම එදා නාවික හමුදාවේ සේවය කළ අවධියේ මුහුදේදී හමුවන කොටි ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාරක බෝට්ටු පුපුරුවා හැරියා. ඒ පුපුරුවා හරින විට කොටි ත‍්‍රස්තයින් කිහිප දෙනකු මුහුදට පැන ජීවිතය බේරාගෙන  පීනනවා. ඒ වෙලාවේ අපි ලණු දමා මුහුදේ ගිලී මිය යාමට සැරසෙන ත‍්‍රස්තවාදීන්ව බේරා ගන්නවා. බේරාගෙන කන්න දෙනවා. බෙහෙත් දී අපි ඔවුන්ගේ ජීවිත රැකගත්තා. අපි එහෙමයි මානව හිමිකම් රැක්කේ. කොටින්ට අහුවුණ අපේ රණ විරුවන්ගේ මිනී ගේන්න මම ගිහින් තියෙනවා. ඒත් අපේ රණවිරුවකු ත‍්‍රස්තවාදීන්ට අහුවුණොත් කරන්නේ අපේ කොල්ලන්ගේ ඇස් ගලවලා, නියපොතු ගලවලා, දස වද දීලා මරලා දාන එකයි. ත‍්‍රස්තවාදීන් එදා මානව හිමිකම් රැක්කේ එහෙමයි.
     

    ඌව මැතිවරණයේදී සන්ධානයේ ජය තහවුරු  කිරීම සඳහා බිබිල මැතිවරණ කොට්ඨාසයේ ජනතාව අමතමින් අමාත්‍යවරු මේ බව පැවසූ අතර මේ ග‍්‍රාමීය ජන හමු සඳහා ඉහළ ජන සහභාගීත්වයක් පැවතීම විශේෂත්වයකි. මඩුල්ල කොල්දෙනිය, ඉහාව, ගංගොඩගම, වටවනගම, මාගන්දන, මකුල්ල, අල්පිටිය යන ප‍්‍රදේශවලදි මේ ජනහමු පැවිත්විණි.

     

    HC

    monaragala madulla relly 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya