අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතිය හා විශ්වාසය යනු  සමෘද්ධියේ හා සංහිඳියාවේ මාවත බව කියාපාන චීනය

    සැප්තැම්බර් 26, 2022

    චීන රාජ්‍ය මේ දක්වා ආ ගමනේ දී ඊට සම්බන්ධ ඉතිහාස කතා බොහෝ ප්‍රමාණයක් පවතී. එය ශ්‍රිලංකාව ඇතුළු සංවර්ධනය කරා යන්නට යත්න දරන ඕනෑම රටකට ආදර්ශයකි. චීනයේ සටන්කාමී Qin රාජ්‍ය සමය තුළ එරට රාජ්‍ය දේශපාලන, ආර්ථික හා සංස්කෘතික වශයෙන් මධ්‍යම චීනයේ යටත් රාජ්‍යයන්ට වඩා පසුගාමී විය. එහෙත්, අනෙකුත් ප්‍රධාන ප්‍රාන්ත ජයගෙන මුළු රටම එක්සත් කිරීම Qin නතර කළේ නැත. Qin නමින් රාජ්‍යක් බිහිවීමට පාදක වූ ප්‍රධාන සාධකයක් වූයේ ''නීතියේ ආධිපත්‍යය''යි. එහිදී Qin පාලනය සම්බන්ධ ප්‍රසිද්ධ කතා අතර “Shang Yang,, නම් දේශපාලනඥයාගේ කතා පුවත ඉතා වැදගත් වේ.


    ෂැං යැං ප්‍රතිසංස්කරණ ආඥාවක් කෙටුම්පත් කළ නමුත් මිනිසුන් එය අනුගමනය නොකරනු ඇතැයි කනස්සල්ලට පත් විය. ඒ අනුව, ඔහු Qin's අගනගරයේ දකුණු දොරටුවේ මීටර් 10 ක් උස ලී කණුවක් ඉදිකර, උතුරු දොරටුවට කණුව ගෙන යා හැකි ඕනෑම කෙනෙකුට රන් කැබලි 10 ක් ත්‍යාග කරන බවට නිවේදනයක් ද නිකුත් කළේ ය.

    ත්‍යාගය රන් කැබලි 50 දක්වා වැඩි කරන තුරු කිසිවෙකු එය විශ්වාස කළේ නැත. නමුත් එක් පුද්ගලයෙක් එම කාර්යය ඉටු කර ත්‍යාගය ලබා ගත්තේ ය. . මෙය ජනතාව අතර විශ්වාසය ගොඩනඟා ගැනීමටත්, නියෝගයන් හි අධිකාරී බලය තහවුරු කිරීමටත් දායක වී තිබිණි, විශේෂයෙන් ම චින් රාජ්‍යයේ සමෘද්ධියට තුඩු දුන් හේතු අතර ෂැං යැං විසින් ආරම්භ කරන ලද නීතිමය ප්‍රතිසංස්කරණ ද වඩා හේතු වී තිබේ. එමෙන්ම මෑත දශකවල චීනයේ ශීඝ්‍ර නැගීම පිටුපස තීරණාත්මක සාධකයක් ලෙස නීතිය නිසි ආකාරයෙන් පවත්වා ගැනීම පෙන්වා දිය හැකියි.

    මෙම අදහස ප්‍රත්‍යක්ෂ වන ප්‍රකාශක් 2012 නොවැම්බරයේදී චීන ජනාධිපති ෂී ජින්පින් පැවසි ය. එහිදී චීන ජනාධිපතිරයා පැවසුයේ ,  “ජාතික පුනර්ජීවනය චීන ජනතාවගේ විශාලතම සිහිනය බවයි . ආයතන ගොඩනැගීම සහ නීතියේ ආධිපත්‍යය නොමැතිව චීනයට එම සිහිනය සැබෑ කළ නොහැකි බවත් නීතියේ ආධිපත්‍යය පවතින විට චීනය සමෘද්ධිමත් වනු ඇති බවත් , එසේ නොමැති වුව හොත් රට අනතුරට මුහුණපාන බවත් චීන ජනාධිපති Xi Jinping අවධාරණය කළේ ය.

    චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) 18 වැනි ජාතික සම්මේලනයෙන් පසු චීන ලක්ෂණ සහිත සමාජවාදය නව යුගයකට පිවිස තිබේ. නීතිය පදනම් කරගත් පාලනය සෑම ක්ෂේත්‍රයකම නව අදියරකට වර්ධනය වී ඇත. චීනයේ නීතියේ ආධිපත්‍යය අවබෝධ කර ගැනීම සඳහා, එහි මඟ පෙන්වන මූලධර්ම, එය අනුගමනය කරන්නේ කාගේ නායකත්වය තුල ද සහ නීතිය යටතේ සේවය කරන්නේ කාටද යන්න තේරුම්ගෙන ඇති බවක් පෙනේ.

    චීන මධ්‍යම ආණ්ඩුව තුල මාක්ස්වාදී නීති න්‍යායන්හි ධජය ඉහලින් තබාගෙන සිටින අතර නීතියේ ආධිපත්‍යය පිළිබඳ Xi Jinping චින්තනය මගින් නිතර මෙහෙයවනු ලබයි. අපි නිවැරදි මාර්ගය අනුගමනය කළ යුතු බවත් එසේ නොමැතිනම් සියලු ක්‍රියාමාර්ග තවදුරටත් අර්ථවත් නොවන බවත් එරට නැගෙන ප්‍රධානතම කාරණයකි.

    නීතියේ ආධිපත්‍යය පිළිබඳ චීනයේ වර්ධනය බටහිර රටවලට වඩා වෙනස් එකක් බව පෙනේ . චීන ලක්ෂණ සහිත සමාජවාදී නීතියේ ආධිපත්‍ය මාවතේ හදවත වී ඇත්තේ නැංගුරමක් සේ පවතින චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) නායකත්වයයි . ඇතැම් බටහිර මාධ්‍ය චීන කොමියුනිස්ට් පක්ෂය නිතර විවේචනය කරයි.එහෙත් චීනය කියන්නේ පක්ෂයේ නායකත්වය සහ සමාජවාදී නීතියේ ආධිපත්‍යය එකිනෙක ගැළපෙන බවයි. පක්‍ෂය විසින් නායකත්වය දෙන නීතිය මත පදනම් වූ පාලන ක්‍රමයක් තුළ පමණක් චීන ජාතිකයින්ට ඔවුන්ගේ ආදරණීය මව්බිමේ සැබෑ ස්වාමිවරුන් බවට පත්විය හැකිය යන්න එම රටේ විශ්වාසය වී තිබේ.

    චීනයේ නීතියේ ආධිපත්‍යය බටහිර රටවල “බලතල බෙදීමට” වඩා වෙනස් ය. චීනයේ, නීතියේ ආධිපත්‍යය සඳහා ජාතික බලය පූර්ව අවශ්‍යතාවය වන අතර බලගතු නීතිය පදනම් වූ රජයක් ජනතාවට විශ්වාස කළ හැකිය. වෙනත් සමහර සංවර්ධනය වෙමින් පවතින රටවල නීතිය නිසි නොවීම නිසා ගැටළු මතුවෙමින් පවතී. ඒවාද ආදර්ශයට ගනිමින් චීන කොමියුනිස්ට් පක්ෂය (CPC ) පුන පුනා කියා සිටින්නේ නිසි නායකත්වයක් නොමැතිව නීතියේ ආධිපත්‍යයේ ස්ථාවර වර්ධනයක් කළ නොහැකි බව යි.

    එබැවින්, සෑම ක්ෂේත්‍රයකම පක්ෂය ප්‍රමුඛ නීතියේ ආධිපත්‍යය ක්‍රියාවට නැංවීම, පක්ෂය ප්‍රමුඛ නීති සම්පාදනය තහවුරු කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීම සහතික කිරීම, අධිකරණයට සහාය වීම, නීතිය පිළිපැදීමට පෙරමුණ ගැනීමට පක්ෂ සාමාජිකයින් දිරිමත් කිරීමට උත්සාහ කළ යුතුය යනාදී අදහස් චීනයේ මෑත කාලීන සංවර්ධනයට සෘජුව ම බලපා තිබේ. ආයතනිකකරණය ප්‍රවර්ධනය කිරීම සහ පක්ෂයේ නායකත්වයේ නීතිය පදනම් වූ ස්වභාවය ශක්තිමත් කිරීම සහ පක්ෂයේ මූලධර්ම සහ ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම ආදීය ඔවුන් අඛණ්ඩව සිදුකරමින් සිටී.

    චීන කොමියුනිස්ට් පක්ෂය හෙවත් CPC හි 18 වැනි ජාතික සම්මේලනයට අනුකූලව, CPC මධ්‍යම කාරක සභාව, එහි හරය වන ජනාධිපතිවරයා සමග , මහජන කේන්ද්‍රීය නීතියේ ආධිපත්‍යය තදින් අල්ලාගෙන ඇත. සෑම ක්‍ෂේත්‍රයකම නීතියේ ආධිපත්‍යය එහි ශක්තිය සහ පුළුල්ම සහයෝගය ජනතාවගෙන් ලබා ගනී. අදාළ ක්‍රියාමාර්ග මගින් ජනතාවගේ අභිලාෂයන් පිළිබිඹු කරන්නට උත්සාහ දැරීමෙන් , ජනතා අයිතීන් සුරැකීම මෙන්ම ජනතාවගේ යහපැවැත්ම ප්‍රවර්ධනය වේ.

    පක්‍ෂය රට පුරා සිය නායකත්වය තහවුරු කරගෙන තිබෙන නිසා ජනතා සහයෝගය දිගටම පවතී. මාඕ සේතුං ගේ "ජනතාවට සේවය කරන්න" යන අදහසේ සිට වත්මන් නායක Xi Jinping ගේ ''ජනතාවට මුල් තැන දෙන්න''; යන අදහස දක්වා, චීනයේ සාර්ථකත්වයේ මුලධර්මය වන්නේ නීතියේ ආධිපත්‍ය ක්‍රියාවට නැන්වීමයි. ලොව විශාලතම මහජන සම්බන්ධතා සහ අලෙවිකරණ උපදේශන සමාගමක් වන Edelman විසින් නිකුත් කරන ලද 2022 Trust Barometer ට අනුව, චීනය නැවතත් තම රජය කෙරෙහි පුරවැසියන් අතර විශ්වාසයේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින අතර, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 91 ක් ඔවුන් රජය විශ්වාස කරන බව පවසා තිබේ.එනම් චීන රජය පිලිබදව එරට ජනතාවගේ විශ්වාසයේ දර්ශකය ඉහළ යමින් පවතී.

    චීනයේ නීතියේ ආධිපත්‍යය වර්ධනය කිරීම සඳහා පදනම වන්නේ ජනතා විශ්වාසයයි. එය පසුගිය දශක කිහිපය තුළ රට වේගවත් නැගීම සඳහා යතුර වී තිබේ. මෙම කරුණු ඉදිරිපත් කිරීමේ දී චීනයේ Renmin විශ්වවිද්‍යාලයෙහි නීතිය සහ ගෝලීයකරණය පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයෙක් මෙන්ම චීනයේ නීති සංගමයේ නීති විද්‍යා ආයතනයේ සහ නීති සම්පාදන ආයතනයේ උපදේශකයෙකු වන Zhu Jingwen මහතා ද මෙම කරුණු තහවුරු කරයි. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට මෙවන් කරුණු ඔස්සේ රටට ගැළපෙන පරිදි බොහෝ කරුණු ආදර්ශකොට ගත හැකි බව පෙනේ.

    ෂෙල්ටන් ඉන්දික බණ්ඩාර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya