ඊට සමගාමීව ක‍්‍රියාත්මක කරන ක‍්‍රීඩා වැඩසටහන් මාලාවක් හෙට (10) සිට ආරම්භ කෙරේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන ප‍්‍රධානත්වයෙන් සහ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වයි. ජී. පද්මසිරි හා දකුණු පළාත් අමාත්‍ය වීරසුමන වීරසිංහ මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් තරග ආරම්භ කිරීමට නියමිතය.
ප‍්‍රදර්ශන වොලිබෝල් තරගය කලම්බු කොමර්ෂල් පොහොර සමාගමේ අනුග‍්‍රහයෙන් හෙට පස්වරු 5.00ට පිටබැද්දර ඩඩ්ලි සේනානායක විද්‍යාල ක‍්‍රීඩා පිටියේ දී පැවැත්වේ.
විවෘත මැරතන් ධාවන තරගය නෙස්ලේ සමාගමේ අනුග‍්‍රහයෙන් 11 වන දින පෙරවරු 7.15ට මාතර බෝධීන් වහන්සේ අභියසින් ආරම්භ කෙරේ.
බයිසිකල් ධාවන තරගය ලක් පොහොර සමාගමේ අනුග‍්‍රහයෙන් 12 වන දින පෙරවරු 8.00ට මාතර සනත් ජයසූරිය ක‍්‍රීඩාංගණය අසලින් ආරම්භ වේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදේශකත්වයෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලය ක‍්‍රීඩා සම්බන්ධීකරණ කටයුතු සිදු කරයි.
DB