දිස්ත්‍රික් ලේකම්වරයා මේ පියවර ගෙන ඇත්තේ පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් පෝෂණ කමිටුව රැස්වීමේදී ය.
මෙහිදී විශේෂයෙන් ම අවධානයට ලක් වූ මාතෘකාව බවට පත් වූයේ ගර්භනී මාතාවන් සහ දුවා දරුවන්ගේ පෝෂණ තත්ත්වය වර්ධනය කිරීම සඳහා ගුණාත්මක බවින් පිරිපුන් දේශීය ආහාර ප්‍රවර්ධනය කිරීම පෙරමුණ ගැන්වීමයි. පෙරපාසල් නිවාඩු කාල සීමාවන් තුළ දී කිරි ගොවීන්ට කිරි අලෙවි කර ගැනීමට නොහැකි වීම නිසා මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා කිරි ගොවීන්ගේ කිරි අඛණ්ඩව මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් මේ යෝජනාව ඉතා වැදගත් වේ.
එමෙන්ම ගුණාත්මක බවින් යුත් දේශීය පලතුරු ප්‍රවර්ධනය කිරීමත්, පලතුරු පරිභෝජනය ගැබිනි කාන්තාවන් සහ පාසල් දූ දරුවන් අතර ප්‍රවර්ධනය කිරීමේ නව වැඩසටහනක් පිළිබඳව මෙහි දී සාකච්ඡාවට ලක් විය. ඒ අනුව ප්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ පාසල් ආපනශාලාවන් ආශ්‍රිතව පලතුරු අලෙවි මධ්‍යස්ථාන ප්‍රවර්ධනය කිරීමටත් ගර්භනී මව්වරුන් වෙත ද දිවි නැඟුම පලතුරු පැළ ලබා දීමටත් මෙහි දී එකඟතාව පළ විය.
මෙම අවස්ථාව සඳහා නුවරඑළිය මහරෝහලේ වෛද්‍යවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්, අධ්‍යාපන නියෝජිතයන්, කෘෂිකර්ම නිලධාරීන් ඇතුළුව රාජ්‍ය අංශයේ නිලධාරීහු රැසක් සහභාගී වී සිටියහ.
NDH/SH-dmu nuwaraeliya