දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට එක් වෙමිනි.
මීට ප්‍රථම ව ක්‍රියාත්මක වූ දිවිනැගුම වැඩසටහන ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වූ අතර හයවන අදියරද සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ග්‍රාම නිලධාරි කොට්ඨාසවල සිටින සියලු ම රාජ්‍ය නිලධාරීන් ගේ දායකත්වය ලබා දිය යුතු බවද දිස්ත්‍රික් ලේකම්වරයා එහිදී පැවසීය.
දිවිනැගුම හය වන අදියර සඳහා තෝරා ගනු ලබන ගොවීන් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා විධිමත්ව පුහුණු කිරීමට ද සැලසුම් කර ඇත. එසේ ම එක් ග්‍රාම නිලධාරි කොට්ඨාසයක් සඳහා ආදර්ශ ගෙවතු 100 බැගින් ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇත.
ECB/SA_dmu_Kurunegala