මෙම නිවාස ගම්මානය නිවාස 81කින් සමන්විත වේ. නිවාස ගම්මානය ඉදිකිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 50කට අධික මුදලක් වැය කොට ඇත.
"මහින්ද චින්තන ඉදිරි දැක්ම" අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක "ජනසෙවණ" ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම යටතේ මෙම නිවාස ගම්මානය ඉදි කොට ඇත.
තාක්ෂණික උපදෙස් ලබාදීම, යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු සියලු සම්බන්ධීකරණ කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් නොමිලේ සිදු කරන ලදී.
DB