ඒ අනුව කටාන ජලසම්පාදන ව්‍යාපෘතිය, තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය හා මහනුවර උතුර ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400ක ණය ආධාර ලබාදීමට චීන සංවර්ධන බැංකුව එකඟ වී ඇත.
මෙම ණය ලබා ගැනීමේ කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
NDH