නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුව උපාධි අපේක්ෂිකයින්ට වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහනක්

    සැප්තැම්බර් 08, 2014

    මේ මස 11, 12 සහ 13 දිනයන්හි සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ දී “අසිරිමත් ඔබට” මැයෙන් උපාධි අපේක්ෂයන් සඳහා වු විශේෂ වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහනක් පැවැත්වීමට මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව, රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, සබරගමුව විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශ අංශය එක් ව කටයුතු යොදා ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා පවසයි. 


    මෙහිදී රැකියා ලෝකයේ නව ප්‍රවණතාවන් පිළිබඳව උපාධි අපේක්ෂිකයින් දැනුවත් කිරීම, ජනනය වන රැකියා අවස්ථා සඳහා රැකියා අපේක්ෂිත උපාධිධාරීන් මානසිකව පෙළඹවීමේ මුලික අරමුණින්ද, වෙනස් වන රැකියා ලෝකය පිළිබඳව ආකල්ප ගොඩනැගීම හා ඒ සඳහා අවශ්‍ය ශක්තිය වර්ධනය කිරීම, මනෝ මූලික ක්‍රියාකාරකම්වලින් උපාධි අපේක්ෂිකයින් නව රැකියා ප්‍රවණතාවන් සඳහා සුදානම් කිරීම යන අරමුණු ද ඒකාබද්ධ ව මෙම වැඩසටහන දියත් කෙරේ.


    රත්නපුර දිස්ත්‍රික් වෘත්තීය මාර්ගෝපදේශ අංශයේ ප්‍රවීණ දේශකයන් වන ගාමිණි ඉපිටකුඹුර, දීපාල් වනිගතුංග, රංජිත් මුගුණුවල යන නිලධාරීහු මෙහිදී සම්පත් දායකත්වය ලබා දෙති.


    ECB/SW/NR/KM_dmu_Ratnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya