හම්බන්තොට ජාත්‍යන්තර කේන්ද්‍රයේ මාර්ග සහ ගුවන් පාලම් ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතියක් රජය මඟින් ක්‍රියාත්මක කර ඇත.
මේ අනුව හම්බන්තොට ජාත්‍යන්තර කේන්ද්‍රයේ මාර්ග සහ ගුවන් පාලම් ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතියට දකුණු අධිවේගී මාර්ගයේ තුන්වන කොටස සහ සූරියවැව - ගල්වල හන්දිය - මොරකැටිය - ඇඹිලිපිටිය මාර්ගය (දුර කි.මි. 18.28) සහ රන්න - වැටිය මාර්ගය (දුර කි.මි.16.15) අයත් වේ.
මේ ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා අවශ්‍ය ණය පහසුකම් ලබාදීමට අදාළ යෝජනාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා අනුමැතිය ලැබී ඇත.