දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට එක් වෙමිනි. මේ තුළින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹ ඵලදාව තවදුරටත් වැඩි කිරීම අරමුණ වේ.
මෙහි ප්‍රථම අදියර යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ම ආවරණය වන පරිදි ආදර්ශ අඹ වගා 30ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.
මහව රස්නායකපුර, රිදීගම, ගල්ගමුව කොට්ඨාසවල අඹ වගාව දැනට ව්‍යාප්තව පවතී. අවාරයේ අඹ ගෙඩි ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක මෙම වැඩසටහන පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන අතර, ගොවීන්ට අවශ්‍ය උපදෙස් එමගින් ලබා දෙනු ලැබේ.
ECB/SA_dmu_Kurunegala