නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුත්තලමට පානීය ජලය ලබාදීමට නව ව්‍යාපෘතියක්

    සැප්තැම්බර් 05, 2014
    ඉඟිනිමිටිය ජලාශය මඟින් ජලය ලබාගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයේ 81,700 දෙනෙකුට පානීය ජලය සැපයීම සඳහා නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබේ. 


    මේ සඳහා ඉදිරිපත් කර ඇති ආණමඩුව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘති යෝජනාව මඟින් පුත්තලම දිස්ත්‍රික්කයේ 81,700 දෙනෙකුට අවශ්‍ය පානීය ජලය සපයා ගත හැකිවේ. 


    මෙම ව්‍යාපෘතිය යටතේ දිනකට ඝන මීටර 12,500ක ධාරිතාවකින් යුත් පිවිසුම් මඟක් ඉඟිනිමිටිය ජලාශයේ ඉදිකිරීම, අප ජලය පිරිසිදු කිරීම ද ඇතුළත්ව නවීන අංගසම්පූර්ණ ජල පවිත්‍රාගාරයක් ඉදිකිරීම, කිලෝ මීටර් 62ක් දිගැති ජල සම්ප්‍රේෂණ ප්‍රධාන නළ ඇති කිරීම සිදු කරනු ඇන. ඝන මීටර් 1500, ඝන මීටර් 1000, ඝන මීටර් 300 (දෙකක්) ධාරිතාවලින් යුත් ජල කුළුණු ඉදිකිරීමත් කිලෝ මීටර් 328ක් දිගට ජලය බෙදා හැරීමේ ක්‍රමවේදයක් සැකසීමටත් නියමිතය.

     
    මේ වෙනුවෙන් ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද ආණමඩුව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලැබී ඇත.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya