මේ අනුව පළාත් පාසල් සඳහා ඩිප්ලෝමාධාරීන් 122 දෙනෙකුට පත්වීම් ලබාදෙන අතර ජාතික පාසල් සඳහා ඩිප්ලෝමාධාරීන් 107 දෙනෙකුට පත්වීම් ලබාදීමට නියමිතය. ඒ අනුව දෙවන වටයේ පත්වීම් ප්රදානය තුළ විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 229 දෙනෙකු ගුරු පත්වීම් ලැබීමට නියමිත ය. ප්‍රාථමික අධ්‍යාපනය, විද්‍යාව, විද්‍යාව (ඉංග්‍රීසි මාධ්‍ය) ගණිතය, ගණිතය(ඉංග්‍රීසි මාධ්‍ය) ශාරීරික අධ්‍යාපන, ඉංග්‍රීසි, බුද්ධ ධර්මය, ව්‍යාපාර හා ගිණුම්කරණය, කතෝලික හා ක්‍රිස්තු ධර්මය, චිත්‍ර ඇතුළු විෂයයන් සඳහා මෙම ගුරු පත්වීම් ප්රදානය කිරීමට අපේක්ෂිත ය.
මෙම පත්වීම් ප්රදානය කිරීමේ උත්සවයට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු රජයේ නිලධාරීන් සහභාගි වීමට නියමිතය.
NDH/kpm