ඒ අනුව යුද හමුදාවට අවශ්‍ය බැරැක්ක උපකරණ, යන්ත්‍ර සුත්‍ර උපකරණ හා සියලු වානේ උපාංග නිෂ්පාදනය කිරීම සිදු කරනු ලබයි.
මෙම ව්‍යාපෘතිය යුද හමුදාපතිවරයාගේ සංකල්පයක් මත ආරම්භ කරන අතර යුද හමුදාවට අවශ්‍ය වානේ උපකරණ වාර්ෂික ව පෞද්ගලික නිපැයුම්කරුවන්ගෙන් මිලදීගැනීමට වැය වන විශාල මුදලක් මේ හරහා ඉතිරි කරගත හැකි වේ.
සති කිහිපයකට ඉහත දී ගෘහ භාණ්ඩ නිපදවීම සඳහා වැඩපොළක් කටුබැද්දේ දී හා වානේ භාණ්ඩ වැඩපොළක් දොඹගොඩදී විවෘත කරන ලදී.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ පවතින සම්පත් මඟින් හඳුනාගත් බැරැක්ක උපකරණ, ලෝහ ඇඳන් හා සැහැල්ලු උපකරණ නිෂ්පාදනය කෙරේ.
දෙවැනි අදියරේ දී ඇලුමිනියම් සම්බන්ධ කටයුතු කෙරෙහි ද අවධානය යොමු කෙරේ.
DB