අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැයෙන් වැඩ ලක්ෂයක්'' ජාතික සංවර්ධන වැඩසටහන ජනතාවාදී වැඩපිළිවෙලක්

    පෙබරවාරි 03, 2022

    '' අයවැයෙන් වැඩ ලක්ෂයක්'' ජාතික සංවර්ධන වැඩපිළිවෙල ජනතාව විසින් තෝරාගන්නා සංවර්ධන ව්‍යාපෘති ජනතාව විසින්ම සිදු කරන ජනතාවාදී වැඩපිළිවෙලක් බවත්, ආණ්ඩුවත් පවතින දේශපාලන අධිකාරියත් සිදු කරනු ලබන්නේ හුදෙක් ප්‍රතිපාදන වෙන්කිරීම පමණක් බවත්, මෙම වැඩපිළිවෙල සිදුකිරීමේදී පක්ෂ විපක්ෂ භේදයක් නොසළකා සියලු දෙනාට එකසේ සංවර්ධන අවශ්‍යතාව සපුරාගැනීමට හැකියාව ඇති බවත්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.


    ''ගම සමඟ පිළිසඳරක් - අයවැයෙන් වැඩ ලක්ෂයක්'' ජාතික සංවර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මාධ්‍යයට හඳුන්වා දීම සඳහා පෙබරවාරි 02 දා (ඊයේ) කිංස්බරි හෝටලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

     

    ඒ අනුව ජීවනෝපායට මුල්තැන ලැබෙන ආකාරයට සංවර්ධන ව්‍යාපෘති ඇති කිරීමට කටයුතු කරන බවත්, මීට අමතරව යටිතල පහසුකම් නඟා සිටුවීම කෙරෙහි, පරිසරය හා සමාජ සංවර්ධනය යන කාරණා සම්බන්ධයෙන්ද සළකා බලන බවත්, එහිදී මෙරට නිෂ්පාදනය වැඩිකිරීමට ප්‍රමුඛතාව ලැබෙන බවත්, පැවසීය.

     

    ඒ අනුව සුවිසල් මුදල් ප්‍රමාණයක් ගමකට ලැබෙන බවත්, මෙම ව්‍යාපෘතිය උදෙසා මිලියන 85000ක් සෘජුවම ගමට ලැබෙන බවත්, මීට අමතරව ගමේ සිටින කාන්තාවන් සම්බන්ධ කරගනිමින් නිවාස තුළම වෙළඳසල් පවත්වාගෙන යාමේ ව්‍යාපෘතියක් පටන් ගන්නා බවත්, ඒ සඳහා රුපියල් මිලියන 15000ක් යොදවා ඇති බවත්, මුදල් අමාත්‍යවරයා කීය.

    ඒ අනුව සමස්තයක් ලෙස රුපියල් මිලියන ලක්ෂයක් මේ වෙනුවෙන් වෙන් කරන බවත්, ඒ අනුව එක් ව්‍යාපෘතියක් උදෙසා අවම වශයෙන් රුපියල් මිලියනයක් වෙන් කර ඇත. සංවර්ධන යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම සංවර්ධන ඉලක්ක සපුරාගැනීමට අදාළ ග්‍රාම නිලධාරි කොට්ඨාසයන්හි සිටින ග්‍රාමීය නායකයන් හා පූජ්‍ය පක්ෂයට එම වගකීම හිමිවන බවත්, ඉන් අනතුරුව එම සංවර්ධන ව්‍යාපෘති සඳහා යන වියදම රජය මගින්
    තක්සේරු කිරිමෙන් අනතුරුව අදාළ සංවර්ධන කටයුතු සිදුවන බවත්, මුදල් අමාත්‍යවරයා පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ''මෙරට තිබෙන කුඩාම පරිපාලන ඒකකය වන ග්‍රාම සේවක කොට්ඨාස 14021තුළත්, ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 336 තුළත්, සමස්ත දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළත්, එකවර ආරම්භ කරන වැඩපිළිවෙලක් ලෙසයි මෙම වැඩපිළිවෙල ආරම්භ කරන්නේ. මෙය වසරක් තුළ කරන වැඩක්.''
    ''ඒ වගේම අමාත්‍යංශ හා රාජ්‍ය අමාත්‍යංශවලට මුදල් වෙන්කිරීම වෙනුවට ප්‍රථම වතාවට දිස්ත්‍රික්ක 25ට වෙනම මුදල් වෙන් කළා.ඒ අනුව මූල්‍ය බලධරයා වන්නේ දිස්ත්‍රික් ලේකම්වරුනුයි. මෙම මුදල් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විමධ්‍ය ගතකර තිබෙනවා.
    ''

    ''අපට තිබෙන ලොකුම අභියෝගය වන්නේ ජාතික සංවර්ධන ඉලක්ක ගම තුළ සපුරාගන්නේ කෙසේද යන්නයි. ගමෙන් එන යෝජනා ජාතික සංවර්ධන ඉලක්කවලට නොගැළපෙන ලෙස තිබෙනවා නම් ඒවා ගළපා ගැනීම අපගේ කාර්යයයි. ''

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya