77 එජාප ආණ්ඩුව ජය ගත්තට පස්සේ රට පුරාම භීෂණය ඇති කරා. එක දවසට පොලිසියේ පැමිණිලි 24,000ක් දැම්මා. හැබැයි පොලිසියේ මුල් පුටුවේ ඉඳගෙන හිටියේ දේශපාලකයෝ. ඒ අය තමයි නියෝග දුන්නේ.
ජූලි වැඩ වර්ජනය නිසා බැට කාපු මිනිස්සු තවමත් ඉන්නවා. රුපියල් 10කින් පඩිය වැඩි කරන්න කියලා ඉල්ලපු 40,000ක් එක රැයින් රස්සාවෙන් දොට්ට දැම්මා. දෙමළ මිනිස්සුන්ට ගැහුවා. දෙමළ මිනිස්සු 15,000ක් රටෙන් එලෙව්වා. ඒ මිනිස්සුන්ගේ කර්මාන්ත ශාලා 17ක් විනාශ කරා. ජීවිත 150,000කට වඩා දෙමළ මිනිස්සුන්ගේ ජීවිත විනාශ වුණා. අද ඒ අයගෙන් සමහරු තමයි කොටි ඩයස්පෝරාව විදියට අන්තර්ජාතිකව රටට එරෙහිව ක්‍රියා කරන්නේ.
පොල් ඉඩම් දහස් ගණන් ලක්ෂ ගණන් පවරා ගත්තා. දැවැන්ත කර්මාන්ත ශාලා විකුණුවා. තමන්ට ඕනෑ ඕනෑ හැටියට රටේ ඉඩම් ටික ලියා ගත්තා. ලංකාවේ ටයර් කර්මාන්තය විකුණලා දැම්මා. සේවකයෝ 1900කට වඩා හිටපු වානේ සංස්ථාව විකුණලා දැම්මා. ජාතික සම්පත් ඔක්කොම එකින් එක විකුණුවා.
එල්ටීටීඊය අවසන් කරන්න දුන්නේ නැහැ. ඉන්දියාව ගෝනි පිටින් පරිප්පු දැම්මා. 1988න් පස්සේ 13 වෙනි සංශෝධනය ගෙනල්ලා අපිව හිර කරා. අද ඒකෙන් එළියට යාගන්න බැහැ. තර්ජනය කරනවා ඉන්දියාවෙන්. ඉන්දු ලංකා ගිවිසුමෙන් අපිව හිරවෙලා. ඒවා අයින් කර ගන්න බැහැ. අන්න ඒ විදියටයි 77න් පස්සේ මේ රට විනාශ වුණේ. ජේ.ආර්.ගෙන් ආරක්ෂාව ඉල්ලුවා ම තමන්ගේ ආරක්ෂාව තමන් බලාගන්න කීවා. විනිසුරුවන්ට ගල් ගැහුවා. 88-89 භීෂණය ඇති කරා. ජනතා විමුක්ති පෙරමුණයි ආණ්ඩුවයි තමයි මේවා සිදු කළේ. තරුණ කොල්ලෝ කොච්චර පාරවල් දිගේ අමු අමුවේ මැරුවද? අපි විශ්වවිද්‍යාල තරුණයෝ විදියට එදා මේවට විරුද්ධව ක්‍රියාකාරීව වැඩ කරා. අපේ ජීවිතවලටත් ලොකු තර්ජනයක් තිබුණා ඒ කාලේ. ඕවා කරපු එජාපයයි ජනතා විමුක්ති පෙරමුණයි අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. උතුරෙනුත් ගහනවා දකුණෙනුත් ගහනවා. අවුරුදු 20 තරුණයෝ මේවා දන්නේ නැහැ. ඉතිහාසය දන්නේ නැහැ. එදා ඒ වුණ දේවල් කිසි දෙයක් අද වෙන්නේ නැහැ. හැමෝටම බයක් සැකක් නැතිව ජීවත් වෙන්න පුළුවන්. 1994 වෙද්දි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැපවෙලා පක්ෂය ජයග්‍රහණය කෙරෙව්වා. හැබැයි පළිගත්තේ නැහැ. පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කළේ නැහැ. එජාපය කරා වගේ ගෙවල් පිටින් සමතලා කරලා මිනිස්සු පාරට ඇදලා දැම්මේ නැහැ. මේ සංස්කෘතිය ඇති කළේ එජාපය.
2001 අවුරුද්දේ අපි එජාප ආණ්ඩුවේ. එදා LTTE එකට ඕනෑ දේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කරලා දුන්නා. ගිවිසුම් ගැහුවා රට පාවලා දුන්නා. ප්‍රභාකරන්ගේ අතට ම පිස්තෝලය දුන්නා. නාගදීප/මඩු පල්ලි යනකොට කොළ කෑලි 3ක් ලියන්න ඕනෑ. එකක් කොටින්ට දෙන්න ඕනෑ. ත්‍රස්තවාදීන් තමයි එහේ පාලනය ගෙනිච්චේ. ප්‍රභාකරන් තමයි තීරණය කරේ උතුරේ ඉඳන් කාවද මරන්න ඕනෑ කියලා. ළමයි ඉස්කෝල ඇතුළට දාලා දෙමව්පියෝ පාසල් ආරක්ෂා කරේ. මගේ දිස්ත්‍රික්කයේ හමුදා සෙබළු 4668ක් නැති වුණා මේ යුද්ධයෙන්. හරියට ගෙයක් දොරක් නැහැ. මිනී පෙට්ටියගේ ඇතුළට ගත්තේ ගෙදර දොර ගලවලා බිත්ති කඩලා. අලි - මංකඩ, පාමංකඩ කතා කියලා, ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා එදා එජාපය කියවද්දී මේ රටට ආදරේ කරන මිනිස්සු හැටියට අපි හැමදාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මේවට විරුද්ධ වුණා. මමයි, ජොන්ස්ටන්, ලක්ෂ්මන් සෙනවිරත්න යන අමාත්‍යවරු මේවට විරුද්ධව නැගී හිටියා එදා. අද අපි එතනින් එළියට ඇවිත් තියනවා.
මෙම අවස්ථාවට කොළොන්නාව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික පූජකතුමන්ලා සහ කොළොන්නාව ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
ECB