අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පසුගියදා අම්පාර, ඉඟිනියාගල ජලාශය ආශ‍්‍රිතව මතුවී තිබෙන ධීවර ගැටලු විසඳීම සඳහා ඉඟිනියාගල ජලජීවී වගා ධීවරයන් හමුවී සාකච්ඡා කළ අවස්ථාවේදීය. මෙහිදී අමාත්‍යවරයා ඉඟිනියාගල ජලජීවී ධීවරයන්ගේ ගැටලුවලට ස්ථිරසාර විසඳුම් ද ලබාදෙනු ලැබීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. "කතාවක් තියෙනවා ධීවරයෙක්ට මාළුවෙක් දෙන්න එපා බිලී පිත්තක් දෙන්න කියලා. මාළුවෙක් දුන්නොත් ඒ වෙලේට විතරයි. බිලීපිත්තක් දුන්නොත් හැමදාම මාළුවෙක් අල්ලගන්න පුළුවන්. ඒ වගේම ඔබ අපෙන් සහනාධාර ඉල්ලුවා. අපි දුන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට අවශ්‍ය පහසුකම් දුන්නා. ඒ පහසුකම් ඔබ පාවිච්චි කර අද දියුණු වෙලා තියෙනවා. ඒ නිසා සහනාධාර ප‍්‍රතිපත්තියට තියෙන හොඳම විසඳුම ඉඟිනියාගල ජලාශයේ ජලජීවී ධීවරයන්ගෙන් ඒ ආදර්ශය ඉගෙන ගන්න කියලා පෙන්වන්න පුළුවන්. අපි සහානාධාර වෙනුවට ඔබට පහසුකම් ලබාදුන් නිසා ඔබ ස්වශක්තියෙන් නැගිටලා සංවර්ධනය වෙලා ඉන්නවා. එය මුළු රටටම ආදර්ශයකි.
පසුගිය කාලේ ඉඟිනියාගල ජලජීවී ප‍්‍රශ්නය උද්ගත වූ අවස්ථාවේ ජනාධිපතිතුමාට උපදෙස් දෙන්න හැකියාවක් තිබුණේ නැහැ. සරල ව තොටුපොළවල් හදන්න බැහැ. උදාහරණ වශයෙන් ගත්තොත් ඔබේ මුදල්වලිනුයි දැන් මාළු මේ ජලාශයට දාන්නේ. ඔබේ සල්ලිවලින් මාළු දාලා තව එක් කෙනෙකුට තොටුපොළක් දීලා ඔවුන් නිකන් මාළු අල්ලනවා. ඔබ සල්ලි දීලා මාළු අල්ලනවා. එවිට මෙතනම අසාධාරණයක් වෙනවා. ඒ වගේම මම දැකපු ලංකාවේ මිරිදිය කර්මාන්තයේ සැලසුම් සහගතව සංවිධානාත්මකව කරන දිස්ත‍්‍රික්කය අම්පාර දිස්ත‍්‍රික්කයයි.
මේ ගහක් යට රුපියල් ලක්‍ෂ ගණනක ව්‍යාපාරයක් නවීනතම අංගෝපාංග පාවිච්චි කරමින් ඔබ කරගෙන යනවා. එහි නවීනතම සාප්පු සංකීර්ණවල වගේ බිලක් නිකුත් කරනවා. මේ වගේ ග‍්‍රාමීය ප‍්‍රදේශයක දියුණු තාක්‍ෂණයක් සහිතව මේ වගේ කර්මාන්තයක් කිරීම ගැන මම ඇත්තටම පුදුමයට පත්වුණා. ජනාධිපතිතුමාට මා පැවසුවා තව තොටුපොළක් හදන්න තියෙන අපහසුතාව ගැන. එතුමා පැවසුවේ ඒ සඳහා වෙනත් වැඩපිළිවෙළක් දියත් කරන ලෙසයි. විද්‍යාත්මකව අපේ නිලධාරී මහත්වරුන් සමඟ කතා කර අවශ්‍ය ප‍්‍රමාණයක් ලබා දෙන්නම් කියා මා පැවසුවා. ලංකාවේ මම ගෙනයන වැඩපිළිවෙළක් තියෙනවා. මොනරාගල විතරක් ඒක වෙනස් කරන්න බැහැ කිව්වා. හම්බන්තොටටත් එය වෙනස් කරන්න ජනාධිපතිතුමා ඉල්ලා නැහැ.
ඔබ තාක්‍ෂණය පාවිච්චි කරනවා. ඉඟිනියාගල ජලාශයෙන් දේශපාලනය ඉගෙනගන්න කියා අපේ රටේ අයට මම කියනවා. අයිතිය වෙනුවෙන් එකට සටන් කරනවා. අපේ ඉන්න නායකයන්ට එකට එක්වෙලා පොදු පරමාර්ථයකින් මේ විධියට රට හදන්න පුළුවන් නම් ඉඟිනියාගල වගේම වෙනසක් මේ රටෙත් ඇති වේවි. ඔබ එක්සත්ව කටයුතු කරන්න.
ලෝක බැංකුවේ නිල් ආර්ථික වැඩපිළිවෙළේ පළවෙනි දේ තමයි ජලජීවී වගාව. මේ නිල් ආර්ථිකයේ පළවෙනි නියාමක ව්‍යාපෘතිය අපේ රටේ ක‍්‍රියාත්මක කරන්න අපට මුදල් ලැබෙනවා. ඒ නිසා ඔබේ අනාගතය ඉදිරියේදී මුහුදු ධීවරයන්ට වඩා හොඳ වේවි. අද ලෝකයේ සාගර සම්පත් විනාශ වෙමින් යනවා. අද ධීවර සම්පත වැඩිවෙන්නේ ජලජීවී වගාවෙන්. එකක් මිරිදිය කර්මාන්තයෙන්. අනෙක් එක ජලජීවී වගාවෙන්. ඒ නිසා ජලජීවී මිරිදිය ධීවර කර්මාන්තයෙන් 90%ක් කරන්නේ ආසියාවේ. ඉතුරු 10% කරන්නේ මුළු ලෝකයේමයි.
ලෝකයම පිළිගෙන තියෙනවා ලංකාවේ ජලජීවී කර්මාන්තය දියුණුයි කියා. ජලජීවී කර්මාන්තයෙන් අපේ ආර්ථික ඉලක්ක අපිම හොයාගෙන තියෙනවා. මම එනකොට මාළු නිෂ්පාදනය මෙට්රික් ටොන් 339,000යි. ගිය වසර අවසන් වෙද්දී මෙට්රික් ටොන් 512,000 ඉලක්කයට යන්න හැකිවුණා. අපේ රටේ ධීවරයෝ හිටියේ 170,000යි. ගිය වසර අවසානයේදී 221,000 එක්වෙලා තියෙනවා.
යාත‍්‍රා 43,000ක් තිබුණා. දැන් එය 62,000ක් දක්වා වැඩිවෙලා තියෙනවා. දිනකට මත්ස්‍ය පරිභෝජනය 28.1ට තිබුණු ප‍්‍රමාණය 43.1 දක්වා වැඩිවෙලා තියෙනවා. අපි විශාල සංවර්ධන වේගයකින් ගමන් කරනවා. ඒ අනුව අපේ ධාවක බලවේගය අපියි. ජනාධිපතිතුමාට ධීවර කර්මාන්තය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම එතුමා ධීවර කර්මාන්තයට ඉතාම ආදරෙයි." යැයි ද පැවසීය.
මෙම අවස්ථාවට ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති ජයන්ත චන්ද්‍රසෝම මහතා ද සහභාගි විය.
NDH