නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් බස් රථ 100ක්

    අගෝස්තු 30, 2014
    ඌව පළාතේ මගී ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් බස් රථ 100ක් බෙදා දී‍මේ උත්සවය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) සිදු කෙරිණි. 
     
    බදුල්ල  ප්‍රධාන බස් රථ නැවතුම් පොළේ පැවති මෙම උත්සවයේ දී බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්ක දෙකට අයත් ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 10ක් සඳහා මෙම බස් රථ බෙදා දීම සිදුවිය. 
     
    ආසන 60ක් සහිත දොර දෙකේ බස් රථ 10 බැගින් මෙහිදි ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ වෙත හිමි වු අතර ඉදිරියේදී තවත් බස් රථ 50ක් ඌව පළාතේ මගී ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් ලබා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා මෙහිදී පැවසීය. 
     
    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා, සුසිල් ප්‍රේමජයන්ත, ඒ.එච්.එම්. ෆවුසි, අනුර ප්‍රියදර්ශන යාපා, සරත් අමුණුගම, නියෝජ්‍ය  අමාත්‍යවරුන් වන රෝහණ දිසානායක, ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු, සබරගමුව පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා සහ විශාල පිරිසක් එක්ව සිටිහ. 
     
    DB
     
    1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya