නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ ඒකාබද්ධතා ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි කෙටුම්පත පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

    අගෝස්තු 29, 2014
    ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය මෙහෙයවීමෙන් සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ඊයේ (28) සමාජ ඒකාබද්ධතා ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි කෙටුම්පත පිළිබඳ ව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි. 

    ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංයේ ලේකම් මල්කාන්ති වික්‍රමසිංහ මහත්මිය සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වුණි.

     

    ඒ අනුව සමාජ ඒකාබද්ධතා ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා වූ යෝජනා අදහස් ආකල්ප පිළිබද විමසා බැලීම මෙම වැඩමුළුවේ මූලිකම අරමුණ විය. මහින්ද චින්තන ඉදිරි දැක්ම මෙම ජාතික ඒකාබද්ධතාව වර්ධනය කිරීම උදෙසා වැඩි ඉඩකඩක් වෙන් කර තිබේ. නුවරඑළිය ද්විභාෂා දිස්ත්‍රික්කයක් ලෙස සෙසු දිස්ත්‍රික්ක අභිබවා කැපී පෙනෙන අතර ද්විභාෂා ප්‍රතිපත්තිය දිස්ත්‍රික්කයේ සෑම රාජ්‍ය ආයතනයකම පාහේ ක්‍රියාත්මක වේ. 

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමා පෙන්වා දුන්නේ ද්විභාෂාවෙහි අවශ්‍යතාව මහජනතාව ඍජුව ගනුදෙනු කරනු ලබන රෝහල, පොලිසිය සහ ප්‍රවාහන වැනි ආයතන ප්‍රමුඛව ක්‍රියාත්මක විය යුතු බවයි. එමෙන්ම ස්වකීය ආකල්ප වර්ධනය කර ගැනීම ජාතික ඒකාබද්ධතාවේ  මූලිකම අරමුණ බවත් පවුල් ඒකක මඟින් මෙම ආකල්පය වර්ධනය විය යුතු බවත්ය.

     

    මෙම අවස්ථාව සඳහා සර්ව ආගමික නායකයන් සහ නුවරඑළිය රෝහලේ රෝහල් අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීහු රැසක් සහභාගී වි සිටියහ.

     

    NDH/SH-dmu nuwaraeliya

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya