පාරිභෝගික ජනතාවට සහන ලබාදීමට රජය සෑම විටම ක්‍රියා කරන බවත් ඒ අනුව පවතින තත්ත්වය අනුව අවශ්‍ය වුවහොත් සහල් ආනයනය කිරීමට කටයුතු කරන බවත් පෙන්වා දුන් රාජපක්ෂ මහතා පවතින අවශ්‍යතාව මෙට්රික් ටොන් 50,000කින් පමණ සපුරාගැනීමට හැකිවෙතැයි ද විශ්වාසය පළ කළේය.
වත්මන් රජය ගොවියාට පමණක් නො ව වී මෝල් හිමියන් සඳහා ද සහන ලබා දී ඇත.
මේ වන විට රට තුළ සහල් පරිභෝජනය ඉහළ අගයක් ගන්නා බවත් සහල් පිටි විවිධ කටයුතු සඳහා යොදා ගැනීමට පෙළඹී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා පසුගිය කාලයේ රට තුළ පැවැති සහල් අතිරික්තය හේතුවෙන් සහල් අපනයනය කිරීමට අවස්ථාව උදා වු බවත් පෙන්වා දුන්නේය.
DB