කාලයක් පුරා අභාවයට ගොස් නොසලකා හැර පැවති බේරේ වැව ජල තටාකයක් වටා මෙම වෙළෙඳ මධ්‍යස්ථානය නිර්මාණය කර ඇත. මෙය වෙළෙඳ සැල් 92කින් සමන්විතය. ඉන් 78ක් පිටකොටුව බැස්ටියන් මාවත හා ඕල්කට් මාවත පදික වේදිකාවෙන් ඉවත් කළ වෙළෙඳ මහතුන් සඳහා ලබාදීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය හේතුවෙන් පිටකොටුව ප්‍රදේශයේ තදබදය හා අවිධිමත්භාවය තුරන් වී
මහජනයාට පහසුවක් සැලසෙනු ඇත. මෙහි ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවේ වෘත්තීය නිපුණතා ඇති පිරිස් හා නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් ගෘහනිර්මාණ ශිල්පීන්ගේ උපදේශන සේවා මත සිදු කොට ඇත.
DB