අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජරට වකුගඩු රෝගයට දේශීය වෛද්‍ය ප්‍රතිකාර

    අගෝස්තු 12, 2014
    රජරට වකුගඩු රෝගයට දේශීය වෛද්‍ය ක්‍රමය හරහා ප්‍රතිකාර ලබාදීමේ ආරම්භක උත්සවය අද (12) අනුරාධපුර මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
     
    මුළු රටේ ම නිරෝගී භාවයට ප්‍රශ්නයක් වෙමින්, රටේ ආර්ථිකයටත්, පුද්ගල ආර්ථිකයටත් මහත් ගැටලුවක් බවට පත්ව තිබෙන කාලීන වකුගඩු රෝගය සුව කිරීම සඳහා දේශීය වෛද්‍ය ක්‍රමයට හැකි බව කරන ලද සායන පර්යේෂණ ප්‍රතිඵලවලින් පැහැදිලිවී ඇත. එමනිසා දින දින මරණයට ළඟාවන රෝගීන්ට වහාම ප්‍රතිකාර කිරීම නිල වශයෙන් ආරම්භ කිරීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. 
     
    රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ සායනය මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.
     
    දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක, දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, කාන්තා කටයුතු හා ළමා සංවර්ධන අමාත්‍ය තිස්ස කරල්ලියද්ද, උතුරු  මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya