අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිලෝදා මූල්‍ය අධ්‍යයන ශාස්ත්‍රාලයට ජපානයෙන් මිලියන 305ක්

    අගෝස්තු 08, 2014
    මිලෝදා මූල්‍ය ආධ්‍යයන ශාස්ත්‍රාලයේ පුහුණු ධාරිතා සංවර්ධන වැඩසටහන් සඳහා ජපාන රජය ජපාන ව්‍යාපෘති නොවන ආධාර යටතේ රුපියල් මිලියන 305ක් ලබාදී ඇත.
     
    මිලෝදා මූල්‍ය අධ්‍යයන ශාස්ත්‍රාලය මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශයේ පුහුණු ශාඛාව වේ.
     
    ජපාන රජය මේ වැඩසටහනට සහය දැක්වීම සඳහා මාර්ග කිහිපයක් යටතේ උපකාර දැක්වීමට අදහස් කරන අතර ඉන් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රතිලාභ සඳහා ආයෝජන හා ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මූල්‍ය අධ්‍යයන ආයතනය වඩා ඵලදායි ලෙස යොදාගත හැකි වනු ඇත.
     
    ආර්ථික ප්‍රතිපත්ති, රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිය, ක්‍රම සම්පාදනය, ගණකාධිකරණය, ආදායම් පරිපාලනය හා අදාළ තොරතුරු තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි කළමනාකරණ මට්ටමේ නිලධාරීන් 8,500ක් පමණ මින් ප්‍රතිලාභ ලබනු ඇත.
     
    මෙම මුල්‍ය ශ්‍රාස්ත්‍රාලය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සඳහා දැනුම් හා විශිෂ්ටත්වයේ කේන්ද්‍රස්ථානයක් වනු ඇතැයි ද අඛණ්ඩ කලාපීය පිළිගැනීමක් අත්කරගනු ඇතැයි ද ජපාන රජය අපේක්ෂා කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya