මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලේ දන් දීමේ වැඩසටහනක් ත්‍රිකුණාමලයේදී

    අගෝස්තු 06, 2014
    ලේ දන් දීමේ වැඩසටහනක් ඊයේ (05) ත්‍රිකුණාමල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
     
     
    මෙම වැඩසටහන ත්‍රිකුණාමල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබ තිබිණි. ත්‍රිකුණාමල ප්‍රාදේශීය ලේකම් එස්. ජලදීපන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරිණ.
     
     
    මෙහි සමාරම්භක මොහොතට ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් මේජර් ජෙනරල් ටී.‍ටී.ආර්.ඩී. සිල්වා මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය. මෙම අවස්ථාවට ත්‍රිකුණාමල ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීහු ද සහභාගී වූහ.
     
     
    මෙම වැඩසටහනෙන් එකතු කරගන්නා ලේ ත්‍රිකුණාමල ජාතික රෝහලේ ලේ බැංකුව වෙත යවා ඇත.
     
     
    ජාතිභේද නොසලකා සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව මෙම වැඩසටහනට සහභාගී වී ලේ දන් දීම සමාජ සංහිඳියාව පෙන්වීම සඳහා කදිම නිදසුනක් විය.
     
     
    ත්‍රිකුණාමල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් නොකඩවා සංවිධානය කරනු ලබන සමාජ සුභසාධන වැඩසටහන් අතුරෙන් මෙම ලේ දන් දීමේ වැඩසටහනට ප්‍රමුඛතාවක් හිමි වී තිබුණේ ජීවිතයක් බේරා ගැනීම සඳහා ලේ දන්දීම උතුම් ක්‍රියාවක් වන බැවිණි.
     
    SDF
    Blood-1Blood

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya